gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ජැක්සන්ට කරපු දේ චාමරටත් කරන්න යන්නෙ? චාමරට ප්‍රතිකාර කරන පුහුණු හෙදිය සියල්ල හෙළි කරයි” – යූටියුබ් නාළිකා යළිත් සුපුරුදු සෙල්ලමේ!

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සිත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා තවත් කෙටි කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.

පසුගිය 17 වන දා කළුබෝවිල රෝහල දැඩි සත්කාර ඒකකයට චාමර වීරසිංහ මහතා ඇතුළත් කර තිබිණ.

ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවා.

ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා.

මේ අස්සේ “test one”නැමති යූටියුබ් නාලිකාව නැවත වතාවක් සිය සුපුරුදු සෙල්ලම පටන් ගෙන තියෙනවා.

ජැක්සන් ඇන්තනී, ශලනි තාරකා වැනි අයව ඔවුන් විසින් දිගින් දිගටම විවේචනය කළා.

ඔවුන් ජැක්සන්ගේ මරණය වවාගෙන කෑවා කිව්වොත් හරියටම හරි.

“ජැක්සන්ට කරපු දේ චාමරටත් කරන්න යන්නෙ. චාමරට ප්‍රතිකාර කරන හෙදිය සියල්ල හෙළි කරයි – ප්‍රථම වරට රෝහලෙන් වීඩියෝවක්” යනුවෙන් ඔවුන් සිය යුටියුබ් නාළිකාවට වීඩියෝවක් එකතු කර තිබෙනවා.

එම වීඩියෝව 81,000ක් නරඹා තිබෙනවා.




එමෙන්ම “නේ චාමරට සිහිය නෑ. චූටි පුතා අඩනවා.බිරිඳ වැළපේ” යනුවෙන් ඔවුන් තවත් වීඩියෝවක් එකතු කර තිබෙනවා.

එම වීඩියෝවේ නැරඹුම් වාර ගණන 178,193ක්.

එම වීඩියෝ සඳහා යෝදාග්රෙන තිබෙන තම්බ්නේල් දුටු විට ඒවා ව්‍යාජ බව මැනවින් වැටහුනද අපේ ප්‍රේක්ෂකයින් ඒ සඳහා කමෙන්ට් පවා දමා තිබීම පුදුම සහගතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka