gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දළදා මාලිගාවේ දානයක් වෙන්කර දෙන බව කියා කථිකාචාර්යවරියකගෙන් රු.88,000කට විදලා!

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මුරුතැන් දානයක් සඳහා දිනයක් වෙන්කරවා දිය හැකි බව පවසමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගෙන් රුපියල් 88,000ක මුදලක් ලබාගෙන වංචා කළ බව කියන පුද්ගලයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි කථිකාචාර්යවරිය දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවක මෙම පුද්ගලයා ඇය හඳුනාගෙන දළදා සමිඳුන් උදෙසා පවත්වන මුරුතැන් දානයක් ලබාදීමට හැකි බව පවසමින් මහාචාර්යවරිය ලවා ඔහුගේ බැංකු ගිණුමට රුපියල් 88,000ක මුදලක් බැර කරවාගෙන ඇත.

මුදල් ලබාගත් පුද්ගලයා මුරුතැන් දානය වෙන්කර නොදී දිගින් දිගටම මගහැරීම හේතුවෙන් කථිකාචාර්යවරිය ඒ සම්බන්ධව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.(දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka