gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුනාමියට අවුරුදු 19යි! දිස්ත්‍රික්ක 14ක ඉන්න ජනතාවට ඩවුන්ලෝඩ් කරගන්න සුනාමි ඇප් එකක්!

හෙට (26) දිනට වසර 19ක් පිරෙන මෙරට ඇතිවූ සුනාමිය වෙනුවෙන් ජාතික වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ පවසනවා. එම සැමරුමට සමගාමීව සියලුම දුරකථන සමාගම් එක්ව දිස්ත්‍රික්ක 14ක ජනතාව වෙනුවෙන් මෙම විශේෂිත වැඩපිළිවෙල හඳුන්වා දෙන බව සඳහන්.

ඒ අනුව හෙට (26) දිනයේ සිට මෙම දුරකථන ඇප්ලිකේෂනය (APP) දුරකථනවලට භාගත කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා. මේ වනවිටත් භාගත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊට පෙරහුරුවක් ලෙස හෙට (26) දින පෙරවරු 10.00ත් 10.30ත් අතර කාලය තුළ අදාළ අනතුරු ඇඟවීමේ නාදමාලාව නිකුත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka