gossip lanka

ඩෙංගු වැළඳී රෝහල්ගත කළ සරසවි සිසුවිය ඖෂධ අසාත්මිකතාවයකින් මිය ගිහින්! අධිකරණ වෛද්‍යවරයාගෙන් විවෘත තීන්දුවක්!

ඩෙංගු උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලයේ  දේශපාලන විද්‍යා අංශයේ අවසන්  වසර සිසුවියක් රෝහලේ දී ලබා දුන් ඖෂධ අසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් ඊයේ (24) මියගොස් ඇත. 
ගුණරත්නම් සුපිනා නැමති 25 හැවිරිදි මෙම සිසුවිය දින කීපයක්ම උණ රෝගයෙන් පෙළී සිටීම නිසා යාපනයේ තෙලිපලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ. 


එහිදී සිදු කළ පරීක්ෂණ වලින් ඇයට ඩෙංගු රෝගය වැළදී ඇති බව තහවුරු වීම නිසා ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

එහිදී ඇයට ලබා දී ඇති ඖෂධ  වලින් සිදු වූ අසාත්මිකතාවයක් හේතුවෙන් ඇය මියගිය බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ. 

මියගිය සිසුවිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශීක්ෂණ රෝහලේදී පවත්වා ඇතත් ඇයගේ මරණයට හේතුව නිශ්චය වශයෙන් හදුණා ගැනීමට නොහැකි වීම නිසා අගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් වැඩි දුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇත. 

මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී අති අතර සියළුම පරීක්ෂණ කටයුතුවලින් පසුව ඇගේ මෘත ශරීරය අවසන් කටයුතු සිදු කිරීම පිණිස පවුලේ ඥාතීන් වෙත බාර දීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

යාපනයේ කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
gossip lanka