gossip lanka

Toyota එයාර් බෑග් ගැටලු හේතුවෙන් වාහන මිලියනයක් ආපසු කැඳවයි

Toyota motor corporation  ඇමරිකානු සමාගම බදාදා නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියේ  එයාර් බෑග් සම්බන්ධව  දෝෂයක් හේතුවෙන් වාහන මිලියනයක් ආපසු කැඳවන බවත්, ඉන් එයාර් බෑග් පුපුරා තුවාල වීමේ අවදානම වැඩි බවත්ය.

මෙම නැවත කැදවීමේ නිවේදනයට 2020 සිට 2022 දක්වා  නිෂ්පාදිත Toyota සහ Lexus වාහන මාලාවක් අයත් වෙයි.

Toyota Avalons, Camrys, Highlanders, RAV4s, Siennas සහ Corollas  ඒ අතර වේ.

එසේම Lexus මාදිලියට අයත්  ES250 seddan සහ RX350 SUV මෙයට ඇතුළත් වේ.

මෙසේ ආපසු කැඳවනු ලබන වාහනවල ඉදිරිපස මගී අසුනේ නුසුදුසු ලෙස නිපදවා ඇති සංවේදක ඇත.

එම සංවේදක කෙටි පරිපථයක් විය හැකි අතර එමඟින් එයාර් බෑග් පද්ධතිය, රියදුරාගේ  නිවැරදි බර තීරණය නොකිරීම සහ ඇතැම් ආකාරයේ බිඳවැටීම් සිදුවිය හැකිය.

Toyota සහ Lexus අලෙවිකරුවන් OCS සංවේදක පරීක්ෂා කර අවශ්‍ය නම් අයිතිකරුවන්ට කිසිදු වියදමක් නොමැතිව ඒවා ප්‍රතිස්ථාපනය කරනු ඇත.

Toyota පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මෝටර් රථ නැවත කැඳවීමේ දී 2024 පෙබරවාරි මැද වන විට දැනුම් දෙනු ඇත.

එසේම තම මෝටර් රථය ආපසු කැඳවීමට ඇතුළත් විය හැකි යැයි සිතන Toyota හිමිකරුවන්ට විස්තර සඳහා 1-800-331-4331 ඇමතීමට හැකිය. Lexus වාහන සඳහා, වැඩි විස්තර සඳහා හිමිකරුවන්ට 1-800-255-3987 ඇමතීමට හැකිය.
gossip lanka