gossip lanka

"ග්‍රහචාරය එදා වගේමයි..." සුනාමි විනාශයට සමාන ග්‍රහචාරයක්... දෙසැම්බර 26 මොකක්‌ වෙයිද?

මේ එළඹෙන දෙසැම්බර් මස 25 වන දා පිළිබදව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කීපදෙනෙකු පලකළ අදහස් කීපයක්...

2004 වර්ෂයේ දෙසැම්බර් මස 25 වන සෙනසුරාදා නත්තල් උදාවත් සමඟ පසළොස්වක පෝය යෙදී තිබිණි.

බෞද්ධයන් මෙන්ම කිතුනුවන් තම ආගමික කටයුතුවල යෙදීමට සියල්ල සූදානම් වූ අවස්ථාවක කවුරුත් නොසිතූ මොහොතක ලොවම කම්පා කරමින් මහා ඛේදවාචකයක් සිදුවිය.

වර්ෂ 19කට පසු මෙවරද 2004වර්ෂයට සමාන නත්තල් දිනට පසු දින පෝය යෙදී ඇත. මෙය සැමට තැති ගැන්මකට හේතු වේ. අනේ මෙවන් විපතක් එයිද යන්නය.

මෙවැනි ස්වාභාවික විපත් සිදුවීමේදී පින් පව් පලනොදේ. මෙවැනි විපත්වලට යොමු වන සෑම දෙනාම එකසේ දඬුවම් ලබයි.යමෙක් බේරෙන්නේ නම් එය හාස්කමක් අනුව සිදුවේ.

ස්වාභාවික විපත්වලදී සිදුවන අනතුරු සම්බන්ධ බුදුන් වහන්සේද දේශනා කර ඇත. 2004 දෙසැම්බර් මස 26 වැනි ඉරිදා සුනාමි තත්ත්වයක් ඇති වූ කාලවකවානු තුළ කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ගමන් කර ඇත්තේ සෙනසුරුට සතුරු රාශියක් වන කටකයේය.

ගුරුට අයත් පුනාවස නැකැතේය. නැකැත අධිපති ගුරුද සතුරු රාශිගතව 8 වැන්නේය. සඳු 6 වැන්න අධිපති 5 වැන්නේ ක්‍රෑර ග්‍රහයෙක් වන කුජට අයත් මුවසිරස නැකැතේය.

කුජ කුජට අයත් වෘශ්චික රාශියේ සෙනසුරුට අයත් අනුර නැකැතේය. මේ අනුව උඳුවප් මස පසළොස්වක පෝය උදාවෙන්නේ කුජට අයත් මුවසිරස නැකැත පවතින මොහොතකය.

ඒ හා සමානව රාහු කේතුගෙ යෙදීම්ද ඔරොත්තු නොදෙන තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ද ඇත.

ලංකා කේන්දරය අනුව කුම්භ ලග්නය ග්‍රහ ගෝචර වන රාශි මෙන්ම එහි අධිපතියන්ද පාප ග්‍රහයන්ගෙන් පීඩාවට පත්ව තිබිණි.

එදා පැවැති තත්ත්වය 2023 දෙසැම්බර් 26 වැනි දිනට සමානව කෙසේ බලපායිද යන්න විමසා බැලීම ඉතාමත්ම වැදගත්ය.

2023 දෙසැම්බර් මස 26 වැනි දින සඳු ගෝචර වන්නේ මිථුන රාශියේය. ලංකා කේන්දරය, අනුව 6 වැන්නේය. කුජට අයත් මුවසිරස නැකතේය. ගුරු කුජට අයත් මේෂ රාශියේ කේතුට අයත් අස්විද නැකැෂය.

ලග්නාධිපති සෙනසුරු බලවත්ව ලග්නගතව රාහුට අයත් සියාවස නැකැතේය. කුජ රුවක යෝගය මෙන්ම ධර්මකර්මාධ්පති රාජ යෝග බලයෙන් බුධට අයත් දෙව නැකැතේය. නැකැත අධිපති බුධ ලංකා කේන්දරය අනුව 7 අධිපති රවි සමඟ 11 වැන්නේය. රාහු ධනස්ථානගතව බුධට අයත් රේවතී නැකැතේ ගමන් කරයි. මේ අනුව රාහු කේතුගෙන් එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත.

2004ට සාපේක්ෂව බැලීමේදී 2023 වර්ෂය එතරම් දරුණු නැත. මේ අනුව 2023 වර්ෂය සුබවාදී බවක් පෙන්වයි.

සෙනසුරු මෙන්ම කුජ ග්‍රහයා අනතුරුවලට මූලිකත්වයක් ලබාදෙන බව පැහැදිලිය. සඳු දේශගුණික මෙන්ම කාලගුණික තත්ත්වයන් වෙනස් කරලීමට මූලිකත්වයක් ගනී.

දෛවඥ කාමධේනු ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ සඳු, මා, පුවපුටුප, උත්‍රපුටුප, මුවසිරස, උත්‍රසල, අස්ලිස, සියාවස, පුවසල, අද යන නැකැත්වල ගමන් කරන කාලය තුළ අධික වර්ෂාව සුළි සුළං මුහුදේ කැලඹිලි වැනි ව්‍යසනයන් ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවය.

මුහුදේ කැලඹිලි ගතිය වැඩිවීමට සඳුගේ බලය වැඩි අගයක් ගනී. සඳු ජලයට අධිපතිය. සෞම්‍ය ග්‍රහයෙකි. සඳුට වෘෂභ රාශිය ඉතාමත්ම බලවත්ය. එසේම කටක රාශිය සඳුට අයත් රාශියකි. සඳු නීච වන්නේ කුජට අයත් වෘශ්චික රාශියේය.

සෞම්‍ය ග්‍රහයෙක් උෂ්ණාධික පරිසරයකට පැමිණීම තුළ ඇතිවන විපර්යාසයන් කෙබඳු වේ දැයි සිතා ගත හැකිය.

2004 වර්ෂයේ මෙන්ම 2023 වර්ෂයේ ග්‍රහ තත්ත්වයන් ගැන සැලකීමේදී සුනාමි තත්ත්වයක් ඇතිවේද යන්න විමසා බැලීම වැදගත්ය.

2023 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි පෝය දින උදාවෙන්නේ 2024ට සාපේක්ෂව කුජට අයත් මුවසිරස නැකැත පවතින මොහොතකය. සඳු ලංකා කේන්දරය අනුව 5 වැන්නේ මිත්‍ර රාශියකය. 5 වැන්න අධිපති රව් සමඟ ධ්‍යානගත වීමත් සෙනසුරු ලග්නගත වීම තුළත් කුජ රුචක යෝගය යෙදී ඇතිව සෙනසුරුට අයත් අනුර නැකැතේ තැන්පත් වීම තුළ ලග්නාධිපති මෙන්ම 10 වැන්න අධිපති බලවත්ය.

ධනස්ථාන අධිපති ගුරු වික්‍රමස්ථානගත වීමත් එහි අධිපති බලවත් වීම තුළ ලංකා කේන්දරය බලවත් වී ඇත.

මේ අනුව 2004 වර්ෂයට සාපේක්ෂව දරුණු විපත් සුනාමි වැනි දේ ඇති නොවුණත් මුහුදේ කැලඹිලි, අධික වර්ෂාව, නාය යෑම් වැනි ව්‍යාකූල තත්ත්වයන් ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එස්.ජේ. සමරකෝන්

2004 දෙසැපීර් මස 26 වැනිදා නිහඩව සිටි මහ සයුර ගලාගෙන ආවේ පුර පසළොස්වක පොහොය දිනය තුළයි. නත්තල් දිනට පසුවදා පුර පසළොස්වක පොහොය උදාවීම විශේෂත්වයකි.

මෙවැ පිහිටීමක් එන්නේ වසර 19කට පසුවීම් සුව්ශේෂී කාරණයකි. 2004 පසුව 2023 වන මෙම වර්ෂය තුළ අවුරුදු 19කට පසුව නත්තල් දිනට පසුවදා පුරපසළොස්වක පොහොය උදාවීම 2004 සිදු වූ සුනාමියේ මතකයන් තව තවත් ඉස්මතු වීමකි.

මෙවරත් එවැනීම දෙයක් සිදුවේද යන්න බොහෝ දෙනා කතා කරන මාතෘකාවකි. මෙම වර්ෂය තුළ පමණක් නොව මෙවැනි පිහිටීම 1966 වර්ෂය 1985, 2004, 2023 ඉදිරියට 2042 වර්ෂවලද පිහිටයි.

මෙම පිහිටීම සෑම වසර 19කට වතාවක්ම පිහිටන බව පැහැදිලි කාරණයකි. නමුත් මෙම සෑම වර්ෂයකම සුනාමි තත්ත්ව හටගෙන නැති අතර 2004 වර්ෂය තුළ පමණක් සිදුවිය.

එයට හේතුව නත්තල් දිනට පසුවදා පුර පසළොස්වක පොහොය දිනයක් උදාවීම තුළ තරමක් අසුබත්වයක් ඇති නමුත් ඒ සමඟම ග්‍රහයන්ගේ ගෝචර ගමන අනුව මුල් කේන්දරය තුළ ග්‍රහ පිහිටීම මූලිකවම බලපාන කාරණයකි.

ප්‍රවීණ ජෙකදී සරත්චන්ද්‍ර බෝතලාගේ
gossip lanka