gossip lanka

සැක සහිත රෝගයකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට!

මොළේ උණ යැයි සැකකරන රෝගී තත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා ප්‍රකාශ කළේ (22) මෙම රැඳවියා මියගොස් ඇති බවයි.

මියගිය රැඳවියා මිනීමැරුම් චෝදනාවක් මත සැකපිට 2023 අගෝස්තු මස 30 වන  දින බන්ධනාගාරගත වූ අයෙක් බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
gossip lanka