gossip lanka

ටොයිලට් වළවල් සුද්ද කරනකොට හම්බෙන දේවල් ගොඩක් තියනවා...': සජිත් ප්‍රේමදාසගේ බිරිඳ, 'ජලනි ප්‍රේමදාස'ගේ 'සැලෝන්' එක ඇතුළේ 'රස රහස්' එළියට

'සජිත් ප්‍රේමදාස' නිසා අමාතධ ධුරය දරන කාල සීමාවේ 'රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ' සේවකයින් 19 දෙනෙක්, 'ජලනී ප්‍රේමදාස'ගේ රූපලාවන්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති පුවත පසුගිය දිනෙක බොහෝ පිරිසක‌ගේ 'අවධානය' යොමු වූ කතා ප්‍රවෘත්තියක් වුණා.

'විගණන නිලධාරි වාර්තාවක්' මේ බැව් හෙළි කරන බැව් මුලින්ම පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කරනු ලැබූවේ 'මහින්දානන්ද අලුත්ගමගේ' මන්ත්‍රීවරයා යි.

ඔහු සඳහන් කළේ '2016' වසරේ සිට මෙම 'රාජ්‍ය මුදල් අවභාවිතය' සිදු වී ඇති බවයි.

අනතුරුව 'ජලනි'ගේ මෙම 'රූපලාවන්‍යාගරය' ගැන නැවත වතාවක් කතාබහක් ඇති වූ අතර, ඒ සම්බන්ධයෙන් 'සමාජ මාධ්‍ය' තුළත් තොරතුරු බොහෝමයක් හුවමාරු වන්නට වුණා.

'ලංකා ඊ නිවුස්' හි මාධ්‍යවේදී 'කීර්ති රත්නායක' ද මේ සම්බන්ධයෙන් වන 'තොරතුරු' කිහිපයක් සිය සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

'සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාසගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව ඊයේ පාර්ලීමේන්තුවට වාර්තා කොට ඇත. එම වංචාවට සාක්ෂි ලෙස ඉංජිනේරු සංස්ථාවේ විගණන වාර්තාව සහ සේවකයන් දුන් සාක්ෂි වල පිටපත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ජලනිගේ සැලුන් එකේ සේවය සඳහා යොදවා ඇත්තේ සජිත්ගේ ඡන්ද බල ප්‍රදේශය වූ හම්බන්තොටින් සජිත් විසින්ම ඉංජිනේරු සංස්ථාවට බඳවා ගත් පිරිසකි මෙම සිදුවීමේ මීටත් වඩා භයානක කොටසක් ඇත.ඒනම් මෙම නිවස ජලනි වංචනික ලෙස ලබා ගත් එකකි. (කුලියට ලබා ගත් නිවස බලයෙන් අත්පත් කරගැනීමකි‍.) මේ වන විට දේපලේ නියම අයිතිකරුවන් ජලනිගේ පාර්ශවයට එරෙහිව නඩු පවරා ඇත. ජලනි මෙම වංචාව සිදුකරන්නේ ලක්ෂ්මන් සමගය...' (කීර්ති රත්නායකගේ ෆේස්බුක් සටහනක්...)

එසේම 'ජලනි ප්‍රේමදාස'ගේ 'ජාල් සැලූන්' නම් මෙම රූපලාවන්‍යාගාරය පිහිටි 'ඉඩම' බලහත්කාරයෙන් 'අත්පත් කරගත් එකක්' බවට ද මෑතක දී චෝදනා එල්ල වුණා.

'දුෂයන්ත තෙන්නකෝන්' නම් අයෙක් 'යූටියුබ්' නාලිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව මුල්වරට අනාවරණයක් සිදු කර තිබුණා.

'සීයාගෙන් ආපු ඉඩමක් මේක.. 2008 දී අපි සජිත් ප්‍රේමදාසට මේක කුලියට දුන්නා. 2008 ඉඳන් 2018 වෙනකන් තමයි ඇග්‍රිමන්ට් තිබුණේ. ඒක දෙසැම්බර් 31 අවසන් වෙනවා. දැන් අවුරුදු 4ක් වෙනවා. ගෙවන්නෙත් නෑ.... අපේ ගෙදර ඉස්සරහා ගහලා තියනවා නෝපාර්කිං කියලා බෝඩ්.... එයාලගේ වාහන දාලා බ්ලොක් කරනවා. අයින් කරන්න කිවුවම අපිට ම සද්දෙ දානවා. තර්ජනය කරනවා. වතාවක් අපි පොලිසියට පැමිණිල්ලක් කළා.....'

අපිට ඉතින් එක එක ආරංචි වෙනවා. ටොයිලට් වළවල් සුද්ද වෙනකොට හම්බෙන දේවල් ගොඩක් තියනවා.මම අකැමැතියි ඒවා සමාජගත කරන්න....'

'මේ ඉඩම මගේ. කාටවත් බලෙන් ඇවිත් රිංගන් ඉන්න බෑ.... අපි පුලුවන් තරම් මේක පොලිසියට මේක දැනුවත් කළා. සෑහෙන කාලයක් තිස්සෙ අපි කිවුවා, මෙතැන වාහන බ්ලොක් වෙන්න ගහන්න එපා කියලා....'

කෙසේ වෙතත්, මේ 'සිදුවීම' සම්බන්ධයෙන් 'ජනාධිපති නීතිඥ කාසිම්' ද ඒ සමයේ පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා.

'2020 නොවැම්බර් වෙනකන් අපි කුලී ගෙවුවා, කුලිත් ගෙවුවා, අත්තිකාරම් ගෙවලත් තියනවා. ගෙවන් නැත්තේ වැඩිපුර ගෙවලා තියන නිසා. නඩුව ඇදන් යන්නෙ ඒගොල්ලෝ... මේක රෙජිස්ටර් කරලා තියනවා...'

monara
gossip lanka