gossip lanka

"අනේ දුවේ සතියකට ඉල්ලන්නේ ආදරේ නිසා...මම දන්නවා ඔයා අකැමැතියි" - "දෙයියනේ මෙහෙමත් නැන්දම්මලා..." දුවගේ කඩවසම් සැමියාට වහ වැටුණු නැන්දම්මා,බෑනාව ඉල්ලලා...

වෘත්තියෙන් සම්භාහන ආයතනයක තෙරපිවරියකි, ඈ පවසන ආකාරයට කථාව මෙසේය.

"මම බැන්ඳේ හොඳ රස්සාවක් කරන කෙනෙක්. ඌ පට්ට ලස්සනයි. කෙල්ලෝ වහ වැටිලා. කොහොම හරි මම තමයි දිනුවේ, මිනිහට අම්මා පට්ට ආදරෙයි. මම හිතුවා ඉතින් ඒක අම්මෙක් පුතෙකුට කරන ආදරයක් වෙන්නැති කියලා. ඒත් ඇත්තටම ඒක නෙවෙයි කේස් එක. අම්මා මගේ මිනිහට ලයින් දානවා.”

ඇය තේරෙන භාෂාවෙන්ම කථාව කරගෙන ගියාය.

“ඒක තේරෙනකොට මම පරක්කුයි. ඒත් මට හිටියේ රත්තරන් මිනිහෙක්. ඌ අම්මට වැටුන් නෑ. ඌ මට ඇත්ත කිව්වා. මගේ අම්මා මිනිස්සු එක්ක බුදියන බව මම දැනන් හිටියා. ඒත් එයාට මම ගණිකාවක් කියන් නෑ. ගමේ උන් එහෙම කිව්වත්. අම්මට මගේ මිනිහා ගැන තිබුණේ අමුතු ආසාවල්.

ඒක කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අන්තිමට අම්මා ලැජ්ජ නැතුව මටම ඒක කිව්වා මම ඒ වෙලාවේ අම්මා කියලා බැලු‍වේ නෑ, ළඟ තිබ්බ මන්නෙ අරන් ඒ ගෑනිව පැන්නුවා මරන්න. එදා අල්ලපු ගෙදර නැන්දා නැත්තම් අම්මා ඉවරයි ! මමත් හිරේ.!! අසික්කිතයි අයියේ, ගොඩක් පිළිකුල්...”

“ඕනෑ කෙනෙක්ට ආසාවල් තියෙන්න පුළුවන් ඒත් ඒ වගේ ආසාවක්, දෙයියනේ !! අනික තමන්ගෙම දුවට එහෙම කියන්න තරම් නිර්භීත කමක්''

“දුවේ සතියකට විතරයි !! සත්තයි. මම මේ ආදරෙටයි ඉල්ලන්නේ!! දුවේ, මම දන්නවා ඔයා අකැමැතියි. ඒත් මම ආසයි උඹේ මිනිහට” අන්න ඒ තමයි අම්මා කෙනෙක් දුවට කියපු වචන

“මේක කවුරුත් විශ්වාස කරන එකක් නැතිවෙයි, මම එහෙම කාටවත් කියන්න බලාපොරොත්තුවකුත් නෑ. අද මමයි මිනිහයි කොළඹ ඉන්න හේතුව අම්මා. මගේ මිනිහාට එයාගේ රස්සාව පවා වෙනස් කරන්න වුණා. අම්මාව අන්තිමට දැක්කේ බාප්පාගේ මළ ගේ දවසේ.

එයා මට මූණ දුන්නේ නෑ එදා. පස්සෙ තමයි මම දැනගත්තෙ එයා ගොඩක් මත්ද්‍රව්‍ය ගන්නවලූ. ඒවාට සල්ලි හොයාගන්න මිනිස්සු එක්ක බුදියනවලූ. හැබැයි මම අදටත් දන් නෑ මගේ මිනිහාව එයාට ඕනි වුණේ ඇයි කියලා.”
යනුවෙන් ඇය ඈගේ කථාව නිමා කළාය.
gossip lanka