'පේෂල මනෝජ්' කියන්නෙ 'ගායන ශිල්පියෙක්' විතරක් ම නෙවෙයි, ඉන් එහා 'නිවේදන ශිල්පියෙක්' විදිහටත් බොහෝම කතාබහට ලක්වන චරිතයක්.
කාලයක් යම් යම් 'දේශපාලන මතිමතාන්තර' එක්කත් 'පේෂල'ගේ නම කියැවුණා ඔබට අමතක නැතුව ඇති.
'පේෂල' විවාහ වෙන්නෙ 'චතුරිකා පීරිස්'ගේ නැගණිය වන 'පූර්ණිකා පීරිස්' එක්ක. (ඇයත් නිවේදන ශිල්පිනියක් විදිහට බොහෝම ජනප්‍රියයි...)
පසුගිය දවසක 'ස්වර්ණවාහිනි' නාලිකාවේ 'හිත ඉල්ලන තරු' වැඩසටහනට එක්වූ පේෂල, ඔහුගේ ජීවිතේ 'අමතකම නොවන දවස' ගැන මේ විදිහට 'අතීත මතක ආවර්ජනයක්' සිදු කළා.
මේ තියෙන්නෙ ඔහු කියපු ඒ කතාව...
'අමතක නොවන සිද්ධියක් කියන්නෙ මේක කියන්න පුළුවන් එකකුත් නෙවෙයි, මේක පූර්ණිකාවත් දන් නෑ මම හිතන්නෙ. 9 වසර 10 වසර ඉන්න කාලේ අපි බෑන්ඩ් එකක් ගැහුවා. වෙසක් කිට්ටුව කාලේ පාරේ යන ගමන් හිටියේ අපේ බෑන්ඩ් එකේ කට්ටිය...'
'පිටිපස්සෙ ඇවිල්ලා වෑන් එකක් නැවත්තුවා. 'නඟින්න, නඟින්න' කිවුවා. මම පිටිපස්සෙ සීට් එකේ නිදි. නැඟිටලා බලද්දි දෙහිවල පොලිසියේ. ඒ දවස්වල තමයි කොළෙෘන්නාවේ පාතාල සීන් ගියේ. මගේ ඇඟ හිරිවැටිලා. වෙන දෙයක් දන්නෙත් නෑ. ඔිඅයිසී ආවම බලමු කිය කියා ඉන්නවා. ෂර්ට් ගළවලා කූඩුව ඇතුළට දැම්මා පස්සෙ....'
'ජීවිතේ අප්පරියා වෙලා හිටියේ එදා.... ගෙදරට ආරංචිය යවලා තිබුණා. උදේ කූඩුවේ නැඟිටිනකොට අම්මාත් ඉස්සරහා හිටියා...... ජීවිතේට අමතක වෙන් නෑ ඒ සිද්ධිය නම්....'