'කහවත්ත, වැල්ලඳුර' නිවසක දී සිදු වූ 'කාන්තා ඝාතනය' මේ වන විටත් බොහෝ දෙනෙක්ගේ 'අවධානය'ට ලක්ව ඇති කතා ප්‍රවෘත්තියක්.
'විනීතා ජයසුන්දර' නම් 71 හැවිරිදි කාන්තාවක් මෙසේ ඝාතනය කර තිබුණා.
මෙම 'ඝාතනය'ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ම 'බාල දියණිය' වීම පුදුමය දනවන්නක්. (ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු වනවා....)
කහවත්ත පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නෙ මොන හේතුවකටද?
දරුවන් හා ඥාතීන් ඇතුළු පිරිස් වෙතින් 'ප්‍රශ්න' කිරීමෙන් අනතුරුව 'බාලදියණිය' සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නෙ.
'බාල දියණිය' සිය මව ඝාතනය කර පැය කිහිපයකට පසු නිවස පිටුපසට ගෙන යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.
පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදුන්නෙ කවුද?
'කහවත්ත' පොලිසියට අදාළ ඝාතනය ගැන සඳහන් කරමින් 'දුරකතන ඇමතුමක්' ලබා දී ඇත්තෙ ද අදාළ කාන්තාව විසින් ම බැව් පොලිසිය හෙළිදරවු කරගෙන තිබුණා.
'මේ ඝාතනය බාහිරින් ආපු කෙනෙක්ට සිදු කරන්න බැරි එකක්.. මේ මිය ගිය කාන්තාවගේ දේහයට අඩි කිහිපයක් දුරින් සැකකරියගේ අත් ඔරලෝසුවත් අපිට හමුවුණා. අනිත් දේ... පොලිස් නිල සුනඛයාත් නිවසින් බැහැරට ගියේ නෑ. ඒ කරුණු අනුව තහවුරු වෙනවා ඝාතනයට පිටින් කවුරුත් ඇවිත් නෑ කියන එක...' (කහවත්ත පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා...)
'මට කතා කරලා කිවුවේ අම්මා වැටිලා ඉන්නවා, ටිකක් බලන්න කියලා. මල්ලි පස්සෙ කතා කළා. ඩොක්ටර් කතා කළා. 1990 අරන් ගියාට පස්සෙ දැනගත්තා පැය කාලකින් විතර, එයා නැතිවෙලා කියලා....' (මිය ගිය කාන්තාවගේ සොහොයුරා...)
කහවත්ත ඝාතන වැල මතකද?
මෙම කාන්තාවගේ ඝාතනය සිදුව ඇත්තේ 'කොටකෙතන'ට නුදුරු ප්‍රදේශයක වීම හේතුවෙන් මෙය එක්තරා 'බිහිසුණු ඝාතන පෙරනිමින්තක්' ද යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිස් විපරම් කරන්නට වුණා.
2008 වසරේ සිට 'කොටකෙතන' ඇතුළු ඒ අවට ප්‍රදේශවල ද්විත්ව ඝාතන තුනක් ද ඇතුළුව ඝාතන 18ක් සිදු වුණා.
පසු සටහන - කතාබහට ලක්වන මෙම 'ඝාතනය' ගැන ඉදිරි පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, එහි 'සුළමුළ' ඉදිරියේ දී හෙළි පෙහෙළි වනු ඇති.