gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මිනිහට ඇස් වැහෙන්න පිපිඤ්ඤා පෙති දෙකකුත් දැම්මා!','ඌ රත්තරංව මැරුවේ උගේ ගෑනි අයිතිකරගන්න!' ... අංගොඩ ලොක්කා ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා දැන් හැංඟිලා ඉන්නවාලූ?

'අංගොඩ ලොක්කා'.... (ඒ තමයි අද පාතාලය ගැන කතාන්දරයේ කතා නායකයා.....)

'චන්දන ලසන්ත පෙරේරා' හෙවත් 'අංගොඩ ලොක්කා' ගැන 'අවසන්' වරට ඇහෙන්නෙ වසර කිහිපයකට කලින්, (ඒ ඔහු ඉන්දියාවේ දී මිය ගියා කියන ආරංචියත් එක්ක...)

ඒ වුණත් සත්‍ය වශයෙන්ම 'අංගොඩ ලොක්කා' ජීවතුන් අතර බැව් බොහෝමයක් 'උන්' විශ්වාස කරනවා.

(ආසන්නතම පුවත: අනියම් බිරිඳ විසින් සිදු කර ඇති විෂ ශරීරගත කිරීමකින් අංගොඩ ලොක්කා මියගොස් ඇත. මීට මාස ගණනකට පෙර ද ඔහු ලොරි ගාලක සිටියදී ලොරියක හැපී තුවාල ලබා බැංගලෝර්හි රෝහලක ප්‍රතිකාර ලබා තිබේ. මීට පෙර ඉන්දියාවේ දී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන යුරෝපයට පැනයාමට සුදානම් බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත...)

'අංගොඩ ලොක්කා' කියනා තරම් කෙරුමෙක්ද?

Do or Die (ඩූ ඕ ඩයි) පාතාලයේ කුප්‍රකට තියරිය 'අත්හදා' බැලූ 'පාතාල කෙරුමා' වූයේ 'අංගොඩ ලොක්කා' යි.

ඔහු ඒ 'තියරියක තරම' පෙන්වූයේ 'බන්ධනාගාර බස් රථයක'ට වෙඩි ප්‍රහාර එල්ල කර 'සමයං' ඇතුළු පිරිසක් මරා දමමිනු යි.

1985 වසරේ නොවැම්බර් 13 වැනිදා උපන් 'අංගොඩ ලොක්කා' ට දැන් වයස 'ගණන් හැදුවොත්' වයස අවුරුදු 38ක් පමණ වනවා.

අංගොඩ බෝගල පාරේ පදිංචිව සිටි 'අංගොඩ ලොක්කා' කරළියට පැමිණෙන්නෙ 2011 වර්ෂයේ දී යි. (එසේ සිදු වන්නෙද ඔහු කෙරූ ඝාතනයක් නිසයි...)

'අංගොඩ ලොක්කා' සහ 'මධූෂ්' අතර 'ඇයි හොඳැයිය' ද පාතාල ලෝකයට රහසක් නොවේ. සැබැවින්ම 'සමයං' ගේ ඉරණම 'තීන්දු කෙරුවා' වුණත් ඉන් පෙරදී 'අංගොඩ ලොක්කා' ව පරලෝ යැවීමට 'සමයං' රහසින් ම ක්‍රියා කරමින් සිටින්නට වුණා.

'ලොක්කා' අහු නොවුනු තැන ඔහුගේ 'දකුණත' සහ 'වමත' වූ සුරංග කුමාර සහ අනිල් බණ්ඩාර 'අවසන් ගමන් යවන්නට' සමයං 'තීන්දු' කර තිබුණා. (අනිල් බණ්ඩාර ඝාතනය වන්නෙ අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ යි...)

අංගොඩ ලොක්කාගේ 'බිරින්ඳෑත්' හොරකම් කරපු කෙනෙක් ?

'අංගොඩ ලොක්කා' සහ 'රත්තරං' යනු එක ළඟින් ඇසුරූ කෙරූ දෙනෛක් වුණා. රත්තරංගේ බිරිඳ ඉන්දීය 'සම්භවයක්' සහිත කාන්තාවක්. කලක සිට මේ නිවසට 'ආව ගිය' අංගොඩ ලොක්කා බොහෝ ඉක්මණින් ඔවුන් වෙතට සමීප වන්නට වුණා.

2017 වර්ෂයේ 'රත්තරං', පාතාල සටනකින් අනතුරුව 'නාඳුනන වෙඩික්කරුවන්' කිහිප දෙනෙකු අතින් වෙඩි කා අවසන් ගමන් ගොස් තිබුණා.

'රත්තරං'ගේ ඝාතනයෙන් 'විස්සෝප' වූ 'රත්තරං'ගේ බිරිඳ 'නාලනී' ක්‍රමයෙන් 'අංගොඩ ලොක්කා' වෙත සමීප වන්නට වුණා.

'රණාලේ සමයා මා එක්ක තියෙන තරහට මේ වැඩේ කළේ. රත්තරං මගේ හොඳම යාළුවා කියලා ඌ හොඳටම දන්නවා. මාව වට්ටන්න තමයි ඌ රත්තරංව මැරුවේ. මං මේකෙ පලිය ගන්නවා උගෙන්. නංගි බය වෙන්න එපා ඕනෙම දේකට මං ඔයා එක්ක ඉන්නවා.' අංගොඩ ලොක්කා එසේ කියමින් ඈව 'අස්වසන්නට' වුණා.

කෙසේ හෝ වේවා අවසානයේ 'අංගොඩ ලොක්කා' සිය පරම හතුරා වූ 'සමයං' ඇතුළු පාතාල සාමාජීකයින් කිහිප දෙනෙකු 'පරලෝ' ඇරලවන්නට ක්‍රියා කර තිබුණා. (මේ ඉහත සඳහන් කෙරූ බන්ධනාගාර බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල කෙරූ සිදුවීමම යි....)

මින් අනතුරුව මෙරටින් පැන යන 'අංගොඩ ලොක්කා' වතාවක් 'අමල් පෙරේරා' ඇතුළු පිරිස් අත්අඩංගුවට පත් වූ 'මධූෂ්'ගේ සාදයේ ද සිට තිබෙනවා.

අවසානයේ 'නාලනී' තමන් වෙතට (ඉන්දියාවට) එන ලෙස 'අංගොඩ ලොක්කා'ට ආරාධනා කර අනතුරුව ඔහු ඈ වෙත ගොස් තිබුණා.

නමුත්... සත්‍ය වශයෙන් ම 'ශ්‍රී ලංකාවේ පාතාලයේ' සාමාජීකයින් පිරිසක් අංගොඩ ලොක්කා ගැන 'සැහැසික ඇත්තක්' හෙළි පෙහෙළි කරගනිමින් සිටියා.

'අංගොඩ ලොක්කා කියන්නේ තිරිසනෙක් රත්තරංව මැරුවෙ සමයා නොවෙයි අංගොඩ ලොක්කාමයි. ඌ උගේ කල්‍යාණ මිත්‍රයාව මැරුවේ උගේ නෝනා අයිතිකරගන්න. ඒ ගෑනි මේ කිසි දෙයක් දන්නේ නැහැ. ආරක්‍ෂාවක් නැති නිසා නාලිනී දැන් අංගොඩ ලොක්කා එක්ක ඉන්නේ.' (මේ තොරතුරු හෙළිදරවු කරන්නෙ 'චමී' නම් පාතාලයෙකු විසිනු යි...)

මේ වගට 'තොරතුරු' දැන කියා ගත් 'නාලනී' අංගොඩ ලොක්කාගේ 'උත්තේජන දියරයක'ට අධිමාත්‍රාවක් එක්කොට ඔහුව 'ඝාතනය' කළ බවට යි 'කටකතාවක්' පැතිර ගියේ. (සැබැවින් ම අංගොඩ ලොක්කා මිය ගියාද යන්න මේ වන විටත් ප්‍රශ්නාර්ථයක්...)

අංගොඩ ලොක්කාගේ 'කුලී ඝාතකයින්'ගේ ගොදුරක් බවට පත් වුණු සඳුනි

40 වැනි වියේ පසුවූ සඳුනි සුරූපී කාන්තාවක් වූ අතර, ඈ දරුවන් දෙදෙනෙකුගේ මවක් ද වුණා. සැමියා හා සාමූහිකව 'සිටියා' වුණත් ඈ යහපත් පවුල් ජීවිතයක් ගත කළේ නැහැ.

සඳුනි වෘත්තියෙන් 'රූපලාවන්‍ය ශිල්පිනියක්' වූ අතර, ඈ අතුරුගිරිය නගරයේ 'රූපලාවන්‍යාගාරයක්' ද පවත්වාගෙන ගියා.

අතුරුගිරිය 'භිතියට' පත් කෙරූ 'පාතාල මැරයින්' කඩා පාත්වෙන්නෙ මේ අතරතුර යි. ධනවත් යැයි හැඟුනු ව්‍යාපාරිකයින්ගෙන් 'කප්පම්' ඉල්ලූ මෙකී 'මැරවරයින්' අතර සිටි 'දමිත්' නම් පාතාල සාමාජීකයා හා සඳුනි ඇසුරකට වැටී තිබුණා.

'දරු දෙදෙනා හා සැමියා' නොතැකූ ඈ අනතුරුව 'පාතාල සාමාජීකයා' හා එක්ව වාසය කරන්නට වුණා. (ඇගේ ජීවිතේ අවසානය ඒ දේ නිසා වෙන බැව් ඈ යන්තමින්වත් දැන හිටියේ නැහැ...)

ටනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා යනු 'අංගොඩ ලොක්කා'ගේ සමීපතමයා වූ අතර, ඔහු ද නිරන්තරයෙන් රූපලාවන්‍යාගාරයට රිංගන්නට පටන් ගත්තා.

'මත්වතුර' බොන්නට 'කතාපවත්වන්නට' ඉන් එහා 'මිනීමරන්නට' පාතාල සාමාජීකයින් ට 'හොඳම තෝතැන්න' වූයේ ද මේ 'රූපලාවන්‍යාගාරය' යි.

ඒ එක් මොහොතක 'දමිත්' පොලිස් අත්අඩංගුවට පත්ව 'රිමාන්ඩ් බන්ධනාගාර' ගත වූ අතර, අනතුරුව 'සඳුනි' බන්ධනාගාර නිලධාරියෙක් හා පෙමින් වෙළෙන්නට වුණා. නමුත් මේ දේ සැලවු 'දමිත්' කෝපයෙන් ඈ වෙත 'කඩා පනින්නට' ගත්තා. (සත්‍ය වශයෙන්ම සිදු වූයේ ඒ සම්බන්ධතාවය දෙදරා යාමයි...)

සඳුනි ඈ ද නොදැනුවත්ව 'පාතාලයන්ගේ' සෙල්ලමක් බවට පත් වන්නෙ ඉන් පසුවයි. ඈට 'විෂ' පෙවූ 'පාතාලයන්' ඈව ද සිය 'කුලී ඝාතන'වලට හවුල් කරගන්නට වුණා. 'සමයං'ගේ කෙරුම් වලදි ඈ එසේ පෙරමුණ ගත් අතර, වතාවක් 'බණ්ඩා' ඝාතනය කරන්නෙද ඇගේ 'උදව් උපකාර' ඇතිවයි.

'බ‍ණ්ඩා ඇවිත් ඉන්නවා. මිනිහට ෆේෂල් එකක් දාලා තියෙන්නෙ ඇස් දෙක වැහෙන්න පිපිඤ්ඤා පෙති දෙකකුත් දාලා තියෙන්නෙ දැන් ආවොත් ලේසියෙන් ම වැඩේ කරගන්න පුළුවන්...'

කෙසේ හෝ වේවා, 'බණ්ඩා ඝාතනය' නිසාම සඳුනිට ද අත්අඩංගුවට පත් වන්නට සිදු වනවා. ඈව මුදා හරින්නේ ද දැඩි 'ඇප කොන්දේසි' මතයි.

'සඳුනි'ගෙන් 'පළිගැනීම'ට මාන බලමින් සිටි අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය ඇගේ රූපලාවන්‍යාගාරය ද සුනුවිසුනු කොට තිබුණේ ඒවා ගිනිබත් කරමිනු යි.

කෙසේ හෝ වේවා එකෝමත් එක දිනක 'මහා රාත්‍රීයේ'ම 'සඳුනි' සොයා ආ 'කුලී ඝාතකයින්' පිරිසක් ඈව නොඑනා ගමනක් යවා තිබුණා. (ඒ වෙඩි ප්‍රහාර 13ක් එල්ල කරමිනු යි...)

'අංගොඩ ලොක්කා' මෙරට පාතාලයේ 'සුවිශේෂී චරිතයක්' වන්නෙ ඔහු විසින් සිදු කරන්නට යෙදෙන මෙවැනි අතිශය 'බිහසුණු' ක්‍රියාදාමයන් නිසාමයි.

'චිත්‍රපට' කතාන්දර මෙන් ඔහුගේ 'කතාන්දර' තුළ ද අඩුවක් නැති 'පළිගැනීම්, අපරාධ' සහ ඉන් එහා ගිය 'ලිංගිකත්වය' පවා මනාවට පිළිඹිබු වෙයි.

'අංගොඩ ලොක්කා' මිය ගියා යැයි 'ලෝකයක්' මේ මොහොතේ කියනවා වුණත්, ඇතැම් විටෙක ඔහු කොහේ හෝ හිඳ (ප්ලාස්ටික් සැත්කමකින් හරි මුහුණ වෙනස් කරගෙන නම්...) බලා ඉන්නවා වන්නට ද පුළුවන්. (නැතහොත් දැනටම වෙනස් අනන්‍යතාවයකින් මෙරටට පැමිණ සිටිනවා වෙන්නත් පුළුවන්....)

ආශ්‍රිත තොරතුරු දිවයින පුවත්පත/ලංකාදීප පුවත්පත/ද ලීඩර්

කතුවරු මුදිතා දයානන්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka