gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2001 මම මහින්ද එක්ක ඉන්දියාවේ ජ්‍යෙතීර්වේදියෙක් හම්බෙන්න ගියා. කේන්දරේ බලලා කිවුව දේ දන්නවද?': පොහොට්ටු රැළියෙන් පස්සෙ එළියට එන 'රහස් කතන්දර' මෙන්න

පසුගිය දිනෙක පැවැත්වුණූ ('ඩැන් ප්‍රියසාද්' ඇතුළු උතුමන්ලා විසින් බය බිරාන්ත වූ...) පොහොට්ටු 'සම්මේලනය' මේ වන විටත් අතිශය කතාබහට ලක්වන බැව් රහසක් නෙවෙයි.

එදින රැළියෙන් අනතුරුව සිය 'සමාජ මාධ්‍ය' ගිණුමට පවා 'විවිධාකාර' සටහන් එක් කරන්න 'ඩෑන්' කටයුතු කර තිබුණා.

'පොදුජන පෙරමුණ පෙන්නුවේ අද පොඩි සාමිපල් එකක් විතරයි'

'අනුර කුමාර හදිසියේ ම රෝහල්ගත කරයි...' (ඩෑන් ප්‍රියසාද්ගේ ෆේස්බුක් සටහන්...)

  


කෙසේ වෙතත්, පෙරටුගාමී පක්ෂයේ 'පුබුදු ජාගොඩ' සඳහන් කර තිබුණේ 'දරුවන්ට වවුචර් පත්' ලබා දෙන බැව් කියමින් බොහෝ පිරිසක් 'රැළියට' කැඳවා ඇති බවයි.

'සමගි ජන බලවේගයේ' මාධ්‍ය ප්‍කාශකවරයා වන 'එස්. එම්. මරික්කාර්' ද 'පොහොට්ටු රැළිය' ගැන අදහස් දක්වා තිබුණා.

'සුගතදාසේ තියෙන්නෙ පුටු පන්දාස් ගාණක්. පන්දාස් දෙසීය පනහයි. කොඩි ගහලා ගහලා හැමතැනම. මිනිස්සු පන්දහයි. කොඩි 50,000යි... මතක නැතුව ඇති, කටවුට් ගහලා, සිල් රෙදි බෙදලා, මේ විදිහට තමයි 2015 මහින්ද මහත්තයා නාමයෝජනා දුන්නෙ. ඇප නැතුව පැරදුනේ. ඒ නිසා අපි පැහැදිලි ව කියන්න කැමතියි, තාමත් ගව සම්පත ඉතිරියි. මේක රටේ ජනමතය නෙවෙයි. ඔච්චර ජනමතය තියෙනව නම් බත් පැකට්, අරක්කු දීලා හරි ගෝල්ෆේස් එකේ කරපල්ලාකෝ... පැහැදිලිවම මේ කියන්නෙ... මේ පේන්නෙ සොහොන් ලකුණු... ජනවාරි වෙද්දි හොඳට රස්නේ දැනෙයි..'

මේ සියලු 'කතා' මැද 'සජීන් වාස් ගුණවර්ධන' කියූ 'කතාවකුත්' මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

2001 වර්ෂයේ දී 'මහින්ද රාජපක්ෂ' සමඟ ඉන්දියාවේ 'සංචාරයක' නියැලුණු 'කතා පුවතක්' ඔහු එසේ හෙළිදරවු කර තිබුණා.

'2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න. ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා.....ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගැන නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගැනයි.'

'ඊයේ පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ගල් ගහන්න එන්න එපාලු. ආවොත් බලා ගන්නවලු. ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව කාගේවත් තර්ජන වලට ගර්ජන වලට යටත්වන ජාතියක් නොවෙයි. ඒ නිසා බැසිල් රාජපක්ෂට කියන්නේ මෙච්චරයි. මැතිවරණයක් තියන්න. මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්....'


මේ අතර, 'හිරුණිකා ප්‍රේමචන්ද්‍ර' පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා තිබුණේ මෙය මහින්ද රාජපක්ෂ අමතන 'අවසාන රැළිය' බවයි.

'අපේ අම්මලාගේ වයසේ කාන්තාවෝ බස් එකේ සීට් වල උඩ ඉඳගෙන යනවා රැස්වීම්වලට. මොකටද මේ නටන්නෙ? අද එක වේලක් කන එකටද? මුන්ට ළමයි නැද්ද?'

monara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka