රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙන ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම බන්ධනාගාරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
තමාගේ 'සිරුරේ කැසිල්ලක්' හටගෙන ඇති බව පවසමින් ඔහු වෛද්‍යවරයාට පවසා ඊට 'ප්‍රතිකාරයක්' ලබාගෙන ඇති බවයි වාර්තා වන්නෙ.
'පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු' මේ වන විට සිටින්නෙ රක්ෂිත බන්ධනාගාර ගතව යි.
දේශනයක් අතරතුර දී 'පාස්ටර් ජෙරොම්' පළ කෙරූ 'අදහස්' කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වූ අතර, ඒ සම්බන්ධයෙන් 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව'ට පාර්ශව කිහිපයක් විසින් පැමිණිලි ගොනු කර තිබුණා.
'ජෙරොම්' විදෙස් ගතව සිටි කාලය අතරතුරදිත් ඔහුගේ 'දේශනා' සහ 'වැඩමුළු' රාශීයක් අන්තර්ජාලය හරහා දැකගත හැකිවුණා. එසේම ඔහුට 'ප්‍රිය පිරිස්' ඔහු වෙනුවෙන් හඬ නඟමින් 'කතා පවත්වන්නට' ද යෙදුණා.
'ජෙරොම්' අත්අඩංගුවට පත් වන්නට පෙර වැඩසටහනකට එක් වූ ගායිකා 'ශානිකා වනිගසේකර'ත් 'ජෙරොම් ප්‍රනාන්දු' ගැන අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.
'මම එදා ඒ සිද්ධියේ දී මම එතැන හිටියා. එයා අපේ බයිබලයේ තියෙන දෙයක් පැහැදිලි කළා. ඒ ක්ලිප් එක සම්පූර්ණයෙන්ම අහන කෙනෙක්ට ඒක මහ දෙයක් වෙන් නෑ. ඔය පේජ් වලින් දාපු ක්ලිප් එක විතරයි මිනිස්සු ඇහුවේ. හැබැයි ඒක අහපු ගොඩක් බෞද්ධ අයම ෆුල් ක්ලිප් එක අහලා මට කතා කරලා තිබුණා. ඒකේ මුකුත් නෑනේ කියලා. එයා කිසිම කෙනෙක්ට අගෞරව කරන කෙනෙක් නෙවෙයි. හැබැයි කියන්න තියෙන දේ කෙළින් කියනවා. එයා කිසිම කෙනෙක්ට බය නෑ.'
'මගේ ෆාදර් එයා කියන්න මම බයකුත් නෑ. මගේ ලයිෆ් එක හදාගන්න එයාගේ වචන ලොකු මට උදවුවක් වුණා. එයා අපිව හැදුවා. එයා ගාවට එන අයව එයා පාවිච්චි කරන් නෑ. එයා කිසිම කෙනෙක්ව පහළට දාන්නෙ නෑ. දෙවියන් වහන්සේ ව මට හරියටම මුණගස්සපු කෙනා එයා.....'
මේ අතර, 'ජෙරොම් ප්‍රනාන්දු' සිරගතව සිටිනවා වුණත් ඔහුගේ 'නිල ෆේස්බුක් අඩවිය' සක්‍රීයව පවතින බැව් අපට නිරීක්ෂණය වුණා.
එම 'ෆේස්බුක් පිටුව' තුළින් සජීවි දේශනයක් 'මුදා හැර' ඇති අතර, 'පාස්ටර් ජෙරොම්' ගේ 'තැන' ගත් 'නව පාස්ටර්වරයෙක්' එහි දැකගත හැකියි.
එමෙන්ම, අද 'දේශනය' අතර ගී ගයන්න, 'ශානිකා වනිගසේකර' ද එක් ව සිටිනවා.
monara