gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතරවටේ වීඩියෝ යවලා පාසල් පෙම්වතියව බය කරලා තියන් ඉදලා තියෙන්නේ.. මීට පෙර ගෙදරට ආපු කළින් පෙම්වතාත් මාට්ටු!

පාසල් සිසුවියන් සමග ප්‍රේම සබඳතා පවත්වමින් ඔවුන් ලැඟුම්හල් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදා හළ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තියනවා..
ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජනවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙනු අතර සැකකරුවන් මහනුවර ප්‍රදේශයේම පාසල් දෙකක උසස් පෙළ හදාරණ සිසුන් බවයි වාර්තා වන්නේ..

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් මහනුවර නගරයේ ලැඟුම්හල වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර එය සිසුවා විසින් වීඩියෝගත කර තිබෙනවා. පසුව එය සිසුවියගේ ජංගම දුරකථනයට යොමු කර ඇයව බියට පත්කොට යලිත් වරක් ලැඟුම්හලක් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්..

පසුව මේ සම්බන්ධයෙන් පාසල් සිසුවිය ඇය සමග ප්‍රථමයෙන් ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය පාසල් සිසුවෙකුට දැනුම් දී තිබෙනවා..

එහිදී එම සිසුවා ඇයට ප්‍රකාශ කර ඇත්තේ එම වීඩියෝව තමන් වෙත යොමු කරන ලෙසයි. ඒ අනුව සිසුවිය එම වීඩියෝව අදාළ සිසුවාට ලබා දී ඇති අතර ඔහු විසින් එය අන්තර්ජාලයට යොමු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

අනතුරුව අපයෝජනයට ලක් වූ සිසුවියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka