gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

මුහුණු පොතෙන් හාද වූ පෙම්වතාව නිවසටම ගෙන්වාගෙන, සේසතම නැතිකරගත් යුවතියකගේ කතාව – විවාහයත් දෙදරා ගිහින්!

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.

විදේශ ගතව රැකියාවක් කරන සැමියා සමග කතා කිරීම සඳහා බිරිඳට නවීන පන්නයේ ජංගම දුරකතනයක් තිබුණි.

සැමියාගේ මව්පියන් සමග නිවසේ කටයුතු කරන අතර තුර මුහුණු පොතේ වෙනත් නමකින් ගිණුමක්ද නිර්මාණය කරගෙන දුරකතනය සමග දවසේ වැඩි කාලයක් ඇය ගත කළාය.

ටික දිනක් ගතවද්දී මුහුණු පොත හරහා හඳුනාගත් පුද්ගලයකු සමග පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි අතර නොදැනම ඔවුහු පෙම්වත්තු වූහ. ඇය නිතර නිතර මුහුණු පොත ඔස්සේ පෙම්වතා සමග කතාබහ සිදුකළද මාමණ්ඩියට හා නැන්දණියට හොර රහසේ එය සිදුකළාය.

තමා හමුවීමට පැමිණෙන ලෙස පෙම්වතාගෙන් ලද ආරාධනාව ඈ ප්‍රතික්ෂේප කළේ තනිවම ගමන් බිමන් යාමට සැමියා දමා තිබූ තහනම නිසාය. සති අන්ත දිනයක මාමා සහ නැන්දා දුවගේ නිවෙසට යන බව දැනගත් ඇය එදින බොරු අසනීප තත්ත්වයක් පෙන්වා නිවසේ රැඳී සිටීමට තීරණය කළාය. සැලසුම් කරගත් පරිදි පෙම්වතාව නිවෙසට ගෙන්වා ගැනීම ඇයගේ අදහස විය.

වැඩිහිටියන් උදෑසනම සිය දියණියගේ නිවෙසට යාමට පිටත්වූ අතර දොරවල් වසා පරිස්සමට ඉන්නා ලෙස ලේලියට උපදෙස් දීමටද ඔවුහු අමතක නොකළහ.

යතුරු පැදියකින් පැමිණි කඩවසම් තරුණ පෙම්වතා දුටු කාන්තාව සතුටින් ඉපිළ ගියාය. පෙම්වතා නිවෙසට ගත් කාන්තාව දොර වසා දැමුවාය. තමා විවාහවී සිටින බව ඇය පෙම්වතාට පැවසුවද එය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස ඔහු පැවසීම නිසා කාන්තාවගේ සතුට දෙගුණ තෙගුණ විය. කිසිවකුත් නැති නිවෙසේ සිත්සේ පෙම්සුව විඳීමට දෙදෙනා අමතක නොකළහ.

උපක්‍රමශීලීව සියලු දේ කරගත් පෙම්වතා කාන්තාවට නින්ද යාමට සලස්වා ඇගේ නවීන දුරකථනය හා ලැප්ටොප් පරිගණකය අල්මාරියේ තිබූ රන්ආභරණ ආදිය සියල්ලම රැගෙන නිවසින් පිටව ගියේය.

දැඩි තෙහෙට්ටුව සමග නින්දගොස් සිටි කාන්තාව පියවි සිහියට පැමිණියේ මාමා සහ නැන්දා පැමිණ කතා කිරීමෙන් පසුවය. දිවාකාලය පිළිබඳව මෙනෙහි කරමින් සිටි ඇය පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට සිතා දුරකතනය සෙව්වද එය සොයාගත නොහැකි විය.

සිය කාමරයේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයද නොමැති බව දුටු ඇය ඇතිවූ සැකය නිසා වහා අල්මාරිය විවෘතකර බැලු‍වාය. අල්මාරියේ තිබූ රත්රන් බඩු ටිකද නොමැති බව දුටු ඇගේ දෙලොවම රත්විය..

පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා නිසා ඇය අවසානයේ වැඩිහිටියන් දෙදෙනාට සත්‍යය හෙළි කළාය. පුතාට සිද්ධිය සැල කළ මව්පිය දෙදෙනා ලේලිය සිය මහ ගෙදරට යැවීමට කටයුතු කළහ.

ලේලිය පිළිබඳ රහස නැන්දණියගේ මුවින් පිටවීම නිසා කතාව ගමපුරා පැතිරීමට වැඩි දිනක් ගත නොවීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka