gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙලිකොප්ටරයෙන් ශ්‍රි පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ගෙනයයි

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලම සහ ඉදිකටු පහණ ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම (15)දින නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනාගේ ඉල්ලිම පරිදි මෙම ද්‍රව්‍ය ගුවන් හමුදාව විසින් රැගෙන යන අතර, එය ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මගතාගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදාවේ වින්කමාන්ඩ රසාංග විජේවර්ධණ මහතාගේ මෙහෙයවිම යටතේ මෙම මෙහෙයුම දියත් කරනු ලබයි.

මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවේ විශාල නිලධාරින් සහ භට පිරිසක් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුලු විශාල සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුමට සහයොගය දක්වයි.

ශ්‍රි පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමදින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගගුලේ සිට ශ්‍රි  පාද උඩ මලුව දක්වා කිලෝමිටර් 5ක් දුරට වන්දනා කරුවන්ට සහ ශ්‍රි පාද උඩ මලුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබා දිමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම  සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුලු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය එම්.අයි 17 හෙලිකොප්ටරය මගින් රැගෙන යැමට නියමිත අතර මෙම මෙහෙයුම (15) දින සිට දින කිහිපයක් සිදු කිරිමට නියමිතය.

ශ්‍රි පාද නල්ලතන්නි මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබා දිම තුලින් ශ්‍රි පාද වන්දනා කරුවන් රැගෙන යන ප්‍රාලාස්ටක් වතුර බොතල් අවම කිරිම මෙම ජල යොජනා ක්‍රමට මගින් තුලින් අපෙක්ෂා කෙරේ.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka