'රැප් කියන සාදුලා', 'මත්පැන් පානය කරන සාදුලා', ඉන් එහා එකී මෙකී නොකී 'වර්ග කිරීම්' බොහෝමයක් මැද්දෙ, නවතම 'ආගමනය', 'බර්ත්ඩේ සෙලිබ්‍රේට්' කරන සාදුලා....
'බුදු දහම' ගැන කොයි තරම් 'තද කැක්කුමක්' තියනවා වුණත් අපේ 'දූපතේ මිනිස්සු' බොහෝමයක් මේ කියන 'කරුණු කාරණා' හමුවේ 'අන්ත අසරණ' වෙන්න ගන්නවා.
විටින් විට 'රහත් ඵලයට' පැමිණෙන හෝ ඉන් එහා 'විස්මකර්ම' මවන්න ගන්න 'හිමිවරුන්' අරක්ගත්ත දූපතක උන්වහන්සේලාට 'වැඳ නමස්කාර' කරන උතුමන්ලා ද නැතුවාම නොවෙයි.

කොහොම වුණත් 'රැප් සාදු'ගේ ආගමනයෙන් අනතුරුව වුණු 'සෙලිබ්‍රේටි සාදු' කෙනෙක් ගැන මේ වෙනකොට 'සමාජ මාධ්‍ය' තුළ අතිශය කතාබහක් ඇතිවෙලා තියනවා.
'19 සැමරූ' උන්වහන්සේගේ සේයාරූ පෙළකට බොහෝමයක් පිරිස් 'කමෙන්ටු' එකතු කරලා තිබුණා.
ඒ අතරින් පිරිසක් 'විරෝධය' දැක්වුවා වුණත් 'උන්වහන්සේ'ව වරුණා කරපු 'උන්'ද නොහිටියා ම නොවෙයි.
(පහළින් තියෙන්නෙ අපිට මුහුණු පොතෙන් හමුවුණු එවැනි ම වූ සටහන් කිහිපයක්...)
'ගෑනු කියන විදියට මුගෙ අවුලක් නැත්නම් කොන්ඩෙ ශෝට් හෙයා කට් එක ගහලා අයිලෑස් දාන්. අයිබ්‍රො ටිකක් හදලා මෙහෙනින් වහන්සෙලාටත් ඉන්න නිදහස දෙන්න එපැයි අවුලක් නෑනෙ එහෙම!'
'මේවට මොකුත් කියන්න බෑ, මේවත් සාදාරනීකරනය කරන විකෘති උපාසක උපාසිකා පිරිසක් ඉන්නවනේ. මේවාගේ වැරැද්ද මොකක්ද කියලා අහනවා, ඕම තව ටික කාලයක් මොන දේ කලත් ඔහේ බලාගෙන ඉන්න වෙනවා.'
ගොඩක් 'උතුමන්'ලා උන්වහන්සේගේ ක්‍රියාව 'සාධාරණීකරණය' කරන්න හේතු තිබුණා.
'සිවුරක් ඇදගෙන මහණ උනාට අනිත් කොල්ලන්ට වගේම ආසාවල් ඇති.. මොනා උනත් සුභම සුභ උපන් දිනයක් සාදු.'