gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'කොහොමද ඔච්චර පපුව ලොකු වුණේ? ආරේටද? ඒ...යි මම හිතන්නෙ අඹේවෙල වෙන්නැති අම්මලා ඉන්න ඇත්තෙ!': රූපවාහිනි 'විසිත්ත කාමරයේ' කුනුහරප වපුරන, 'හිටපු තානාපති'ගේ කෙරුවාව

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යයක 'රාත්‍රී කාලයේ' විකාශය වන එක්තරා වැඩසටහනක් (සාජ්ජයක්) මේ වන විට මහත් 'ආන්දෝලනයට' ලක්ව තිබෙනවා.

මේ 'වැඩසටහන' මෙහෙයවන්නා, අන් කවරෙක් හෝ නොව කටාර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා 'තානාපතිවරයෙක්' වූ ASP ලියනගේ යි. (ඔහු නයිජීරියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කොට තිබෙනවා...)

'පට්ටම්' කෙසේ වෙතත්, 'අටපට්ටම්' වන ඔහුගේ 'විකාර රූපී' රාත්‍රී වැඩසටහන තුළ ඔහු විසින් සිදු කරන 'ප්‍රකාශ' සහ 'නොසරුප් වදන්' බොහෝ දෙනාගේ 'විවේචනය'ට ලක්ව ඇති බැව් මුහුණු පොත නිරීක්ෂණයේ දී පැහැදිලි වනවා‍.

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි ද අදාළ වැඩසටහනට 'බැන වදිමින්' සමාජ මාධ්‍ය වෙත 'වීඩියෝවක්' මුදා හැර තිබුණා.

'රාත්‍රී ගුවන් කාලයක් දීලා තියනවා ඒඑස්පී ලියනගේට. ඒ කාලේ වැදගත් විදිහට තිබුණා ඒක. අපිත් ඉස්සර ගියා. කලාකරුවෝ ගෙන්නුවේ. අද ගෙන්නන්නෙ කවුද මං දන් නෑ. මේකා කුනුහරප කියන තැනක් බවට පත් කරලා. අසික්කිත කුනුහරප... මේ ගවයාට තේරෙන්න එපැයි.. කොහොමත් ඔිකා මුට්ටි අල්ල අල්ලා දේශපාලඥයන්ගේ පස්ස අල්ල අල්ලා තානාපතිකමකුත් අරන් හිටියා. මේ ගවයා කුනුහරප කියන හැටි බලන්නකෝ. ඌට දුවලා දෙන්නෙක් ම ඉන්නවා....' (සුදත්ත තිලකසිරි 'යූටියුබ්'..)

'මේ අවුරුදු 17, 18 විතරක් නෙවෙයි 60, 70 අයවයි ගෙනල්ලා මොනාද මේ ඌ කියන කුනුහරප. මේවගේ අවජාතක බල්ලන්ට ගුවන් කාලය දෙන්න එපා සල්ලිවලට...' (සුදත්ත තිලකසිරි 'යූටියුබ්'..)
   


මොනාද මේ 'ASP ලියනගේ' හැමෝටම ඇහෙන්න කියන 'වනචර' කතා..... (කිහිපයක් පහතින්...)

'අතීතයේ ඉඳලා ආපු රස්සාවක් තමයි වෛශ්‍යාව කියන්නෙ. තමන්ගේ පවුල නඩත්තු කරන්න පවා ඒක යොදා ගන්නවා... ස්පා කියන්නෙ වෙනම කතාවක්. මෙයා කියනවා ඔයාගේ රැවුල වැවෙනවා කියනවා...'

'තුෂාරිගෙන් දෙයියෝ අහනවා, අවුරුදු කීයක් ඔිනිද ජීවත් වෙන්න කියලා... තව 20ක්? ඒ කියන්නෙ තව දරුවෝ දෙන්නෙක්වත් හදනවද? තව එකපාරක් බඳින්න කැමති නෑ.... ඒ..යි ඔයාත් නිකන් ෂුගර් ඩැඩී කෙනෙක්නේ...'

'මේ පැයේදී නිකන් හැම අවයවයක්ම හෙළවෙනවා වගේ දැනෙන් නැද්ද? ටික ටික හෙල්ලෙනවා නේද? මේකේ කිසි වනචරකමක් නෑ....'

'මෙයාගේ මේ පපුව හිටන් පැලිලා. නැඟිටින්න ඔයා පොඩ්ඩක්...'

'එක විවාහයද කරගත්තෙ? දෙකක්ද? කැඩුනේ පළවැනි ඒකෙනේ...? දෙවැනි එකේද? දැන් දරුවෝ ඉන්නවනේ පළමු විවාහයේ?'

'අවුරුදු 18ක් හින්දා ලෝක ළමා දිනයට ඔයත් අයිති වෙනවා. හැබැයි -- ඇහුවා මගෙන් කොහොමද ඔච්චර පපුව ලොකු වුණේ කියලා. ආරේටද? ඒ...යි මම හිතන්නෙ අඹෞවේල පැත්තේ වෙන්න ඇති අම්මලා ඉන්න ඇත්තෙ...'
  



මේ අතර, මෙම 'වැඩසටහන සහ ඒඑස්පී ලියනගේ' ව 'විවේචනය' කරමින් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ද මීට දින කිහිපයකට පෙර දී 'පාර්ලිමේන්තුවේ'දී අදහස් දැක්වුවා.

ලෝක ළමා දිනය දවසේ ප්‍රධාන මාධ්‍යයක වැඩසටහනක් කළා. හැම ආණ්ඩුවක්ම බලයට පත් වෙනකොට, තානාපති කාර්යාලවලට රිංගලා, තමන් බලවන්තයෙක් කියලා ඔප්පු කරන්න හදනවා එක්තරා පුද්ගලයෙක්. ඒඑස්පී ලියනගේ.... මෙහෙම කියනවා කතාවක්..... ඒඑස්පීට පන්දම් අල්ලන අයට තද වෙනවා. දරුවෙක්ගේ පපු ප්‍රදේශය ලොකු ඇයි අහනවා , ඒ පියා අසරණ වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපති කාර්යාලයේ තත් අදින නිසා එයාට අමුතු බලයක් තියනවද?' (වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී......)

මුදල්මය අවශ්‍යතාවයක්' මත හෝ වෙන යම් 'හේතුවක්' නිසා හෝ වේවා, මෙවැනි අවර ඝනයේ 'වැඩසටහන්' මුදාහරින්නට 'හේතුවක්' තිබෙනවද ? එකකින් දෙකකින් නොනැවතී 'දිගින් දිගටම' පැමිණි සිටින්නන් පමණක් ම නොව 'නරඹන්නන්' පවා අපහසුතාවයට පත් කරන්නෙ කුමන අරමුණක් අරභයාද ?

සැබැවින් ම 'කාන්තාවන්' වෙනුවෙන් 'යුක්තිය ඉල්ලන' ඔවුන් වෙනුවෙන් 'හඬ නඟන' පාර්ශව ASP ලියනගේ ඉදිරියේ 'මුනිවත' රැකීමම පුදුම සහගත නොවේද ?

monara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka