gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මාසකට පවුම් 40,000ක වැටුපක්, පවුම් 150කට මාරු කර ගත්තේ මට ලංකාවේ ජීවත් වීමටයි"- ලන්ඩනය එපාවී ත්‍රීවීලරයක් අරන් ලංකාවේ පදිංචියට ආ සුදු යුවළ...

ලංකාවේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මේ දිනවල කල්පනා කරන්නේ කොහොම හරි රටෙන් පැන ගන්න.

එහෙම කාලෙක විදෙස් දේශයක, කළ සිය රැකියාවන්ට ආයුබෝවන් කියා මෙරටේ ජීවත් වන්නට පැමිණි යුවළක් ගැන ඉකුත්දා අසන්නට ලැබුණේ එංගලන්තයේ ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියෙන්.

මේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මේ ජෝඩුව බ්‍රිතාන්‍යයයේ ජීවත් වූ තරුණ ගුරු යුවළකි.

මෙරටේ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වන්නට බලා සිටියදී මේ යුවළ එරටේ සිට මෙරටට ආවේ වඩාත් නිදහස් වූ ජීවිතයක් ගත කරන්නටය.

‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට අනුව මේ යුවළ දැනටමත් ලංකාවේ පදිංචියට පැමිණ තිබේ. ඒ වගේම මේ යුවළ ගමන් බිමන් යන්නේත් තමන්ට කියා මිලදී ගත් ත්‍රිරෝද රථයකිනි.

”ගුරුවරයකු ලෙස මගේ අවසන් වසරේ මම බදු ගෙවීමට පෙර පවුම් 40,000 ක පමණ වැටුපක් ගත්තා. මගේ බිරිඳත් ඒ හා සමාන වැටුපකටත් හිමිකම් කිව්වා. මම දැනට වසර පහක් බ්‍රිතාන්‍යයේ පාසලක ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කළා. මගේ බිරිඳත් ඒ පාසලේම ගණිත ගුරුවරියක්. රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා කියන්නේ හරිම ආතතියක්. ඒ පාර්ශ්වයන්ගෙන් අපිට එල්ලවන බලපෑමත් වැඩියි.

ඒ නිසා වසර පහක් පුරාවට මම කරපු රස්සාවෙන් මම අයින් වුණා. ඒ මානසික නිදහස වෙනුවෙන්. අනික මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ බදු අයකර ගැනීම් වැඩි වෙලා තියෙනවා. ගෙවල් කුලී, විදුලිය, කෑම බිම ආදී හැම දෙයක්ම ඉතාමත් ඉහළ අගයක තියෙන්නේ. ඉතින් අපි හිතුවා මීට වඩා හොඳ ජීවිතයක් අපට ලංකාවේදී ගත කරන්න පුළුවන් වෙයි කියලා...” යැයි ඔවුහු ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට පවසා තිබිණි.

මේ යුවළ පදංචි වන්නට බලාපොරොත්තු වන්නේ යාපනයේය. මේ දිනවල ඔවුන් කොළඹ නගරයේ කුලී පදනම මත ගත් නිවසක ජීවත්වේ. ඒ ලංකාවේ සිටීමට අවැසි ලියකියවිලි සකසා ගන්නටය. තවත් ටික දිනකින් ඔවුහු මෙරටේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අධ්‍යාපනය වැඩසටහනටත් අත ගසන්නට මග බලමින් සිටින්නෝය.

ඒ අතර ලන්ඩනයේදී ගෙවූ අධික වියදම්කාරී ජීවිතය මෙරටේදී අත්විඳින්නට නොලැබීම ඔවුන් ලද භාග්‍යයක් බවත් මේ යුවළ ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට පවසා තිබිණි. එපමණක් නොව, ඔවුන් එරටේ සිටියාට වඩා මෙරටේදී සෑම මසකට පවුම් තුන්දහසක මුදලක් ඉතිරි කරන්නටත් මග බලාගෙන සිටින බවත් පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka