පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු 'හුරුපුරුදු' රුවැත්තී 'ඈ'... මේනකා පීරිස්...
ඒ තරම් 'සමීප' වුණත්, හිටි හැටියේ ඈ 'අස්ථානගත' වෙනවා. (සමහරු හිතුවා ඈ විදෙස්ගත වුණා කියලා, ඒ නැත්තම් සියලු කළකිරීම් මධ්‍යයේ හිත නිදහස් කරගනිමින් ඉන්නවා කියලා...)
අවුරුද්දකට... අවුරුදු දෙකකට පස්සෙ.... ආයෙම වතාවක් ඈ 'මෙහේ' එනවා. ඒ එනකොට ඈ අතේ 'පුංචි එකෙකුත්' ඉන්නවා. ඈ 'හිත් ගත්ත' ආදරණීය 'සැමියෙකුත්' ඉන්නවා.
දැන් 'ඈ' නිරන්තරයෙන් 'සමාජ මාධ්‍ය' තුළත් බොහෝම ජනප්‍රියයි. පසුගිය දවසක ඇගේ හිටපු සැමියා 'අධ්‍යක්ෂණය' කළ ටෙලි කතාවක 'සම්මානයට' පාත්‍ර වෙන්නත් ඈට පුළුවන් කම ලැබුණා. (නමුත් ඈ සම්මාන උළෙලට ගිහින් තිබුණේ නෑ....)
නොවැළැක්විය කටයුත්තක් හේතුවේන් ඊයේ දිනයේ පැවති SIGNIS සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වූවත් අනපේක්ෂිත මොහොතක මා හට මේ ලැබුණු විශිෂ්ඨ සම්මානය අති මහත් සතුටක් සහ ගෞරවයකි. රංගන ශිල්පීනියක් ලෙස 2022 වසරේ විශිෂ්ඨතම රංගන ශිල්පීනිය සම්මානයෙන් පිදුම් ලැබීම මගේ ජීවිතේ ලද සුවිශේෂී අවස්ථාවකි.ඒ වෙනුවෙන් SIGNIS සම්මාන උළෙලේ නිර්මාතෘවරයාට සහ එම කාර්යය මණ්ඩලයටත් ජේෂ්ඨ ජූරී සභාවටත් මාගේ නිහතමානී ගෞරවය සහ ස්තූතිය පුද කරමි. මා හට ලැබූණු විශිෂ්ටතම රංගන ශිල්පීනිය සම්මානය වෙනුවෙන් පානාමංකඩ ටෙලි නිර්මාණයේ නිශ්පාදකතුමාටත්, අධ්‍යක්ෂකතුමාටත්, තිර රචනයටත්, කැමරා අධ්‍යක්ෂනයටත් , කළා අධ්‍යක්ෂනයටත්, අංග රචනයටත්, සංගීත අධ්‍යක්ෂනයටත් මා හට සහයෝගය දක්වපු මාගේ ජේෂ්ඨයන්ටත් සහෝදර රංගන ශිල්පීන්ටත් නර්ථන ශිල්පීන්ටත් බෙර වාදන ශිල්පීන්ටත් නන් අයුරින් සහය වූ සියලුම දෙනාටත් මාගේ හද පිරි ගෞරවය සහ ස්තුතිය පුද කරමි.' (මේනකා පීරිස්ගේ ෆේස්බුක් සටහනක්....)
'රූපවාහිනි' සංවාදයකට එක්වෙමින් පසුගිය දවසක 'මේනකා' ඇගේ අතීත සිදුවීම් බොහෝමයක් මතක් කරලා තිබුණා.
'මම නර්තනය තමයි මුල ඉඳන් හැදැරූවේ... පස්සෙ මට රියැලටි තරඟයකට ආරාධනා ලැබුණා.... එතැන ඉන්න කිසිම කෙනෙක් කැමති වෙලා තිබුණේ නෑ, මම නර්තන ශිල්පිනියක් නිසා ඒකට සහභාගී වෙනවට... මොකද එතැන හිටපු ඔක්කොම රංගන ශිල්පීන්... මම එතකොට රඟපාන්න ඇවිල්ලත් නෑ... එයාලා මේක බලනවත් ඇති. හිත්අමනාපකම් තියාගන්න එපා, මේ හරි ආදරණීය සිදුවීම්...'
'මේක අවුරුදු දහයකට දොළහකට කලින් කතාවක්. අතීතය මට හරි සුන්දරයි. මට ඉස්සර තිබුණේ සම්පූර්ණ වෙනස් රූපයක්. මොකක් හෝ දෙයක් දැක්කා මගෙන්. මොනරතැන්න රඟපාන්න ලැබුණේ පස්සෙ. මට මුලින් අධ්‍යක්ෂකතුමා කිවුවා, අයි බ්‍රෝස් හදන්න බෑ, කොණ්ඩෙ කපන්න බෑ,..... කාලයක් යද්දි එහෙම කිවුවේ ඇයි කියලා මට තේරුණා. සමහර චරිතවලදි මම ස්කීන් එක ගැනවත් හිතුවේ නෑ.......'