54 හැවිරිදි පාකර් රොබට් මයිකල් ලෙස හඳුනාගෙන ඇති බ්‍රිතාන්‍ය පුරවැසියකු නීතිවිරෝධී ආයුධ සහ පතොරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
රාජසන්තක කරන ලද භාණ්ඩ අතර රිවෝල්වරයක්, ‘රම්බෝ’ පිහියක්, උණ්ඩ 10ක් සහ හිස් උණ්ඩ කොපු 05ක් ඇතුළත් වේ.
ලන්ඩනයට ගුවන් යානයකට ගොඩවීමට පෙර ගමන් මලු පරීක්ෂා කිරීමේදී හසු වූ මෙම පුද්ගලයා, පුරාවස්තුවක් ලෙස සැළකෙන රිවෝල්වරය තම ආච්චිගෙන් තෑග්ගක් ලෙස ලැබුණක් බව ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








