gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඕස්ට්‍රෙලියාවේ සූපවේදි ජූඩ් විජේසිංහ භූතාන තරුණියක ඝාතනය කර අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණයවී කැන්බරා නුවර සූපවේදියෙකු ලෙස සේවය කරමින් සිටි ජූඩ් විජේසිංහ නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු එරටදී තරුණියක ඝාතනය කිරීම නිසා අත්අඩංගුවට පත්ව තිබේ.

කැන්බරා සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි ඔහු රැකියාව කරමින් සිට ඇති අතර එම ගබඩා කාමරයකදී තමන් සමග සේවය කරමින් සිටි භූතාන ජාතික තරුණියක පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සූපවේදියාට මිනීමැරුම් චෝදනාව එල්ල වී තිබේ.

29 හැවිරිදි ජූඩ් විජේසිංහ සඳුදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා විට “සැලකිය යුතු” තුවාල සහිතව සිටිබව පොලිසිය වාර්තා කර ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කරන ලදී.

මියගිය තරුණියද ඔහුගේම වයසේ 29 හැවිරිදි භූතාන ජාතිකයෙකු බව News.com.au තහවුරු කළේය.
"සත්වෝද්‍යානයේ  මින්මැදුරේ“ සිදු වූ සිදුවීමකින් පසු මේ දෙන්නා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් සොයාගෙන ඇත.

ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබුණේ දැයි පොලිසිය නොදන්නා අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

විජේසිංහගේ සූපශාස්ත්‍ර නිර්මාණවල ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වෙත බෙදා ගනිමින් සිටි අයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවී ඇඩිලේඩ් හි ඉගෙනුම ලැබීමෙන් පසු සූපවේදියෙකු ලෙස රට පුරා රැකියාවන්හි නිරතව ඇත.

කැන්බරා හි රාජකීය භූතාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් මෙතෝ ඩෙමා තරුණියගේ මරණයෙන් සමීප භූතාන ප්‍රජාව දැඩි ලෙස කම්පනයටත් පීඩාවටත් පත් වූ බව පැවසුවාය.
මෙම සිදුවීමෙන් පසු සත්වෝද්‍යානය “කාලයකට” වසා තබන බව බලධාරීහු පැවසූහ.
ජාතික සත්වෝද්‍යානය සහ මින්මැදුර හෙක්ටයාර 19ක සත්වෝද්‍යානයක් සහ මින්මැදුරක් ලෙස පිහිටා ඇත.
උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පුද්ගලයාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර දිගටම රිමාන්ඩ් කර අප්‍රේල් 4 වන දින උසාවියේ පෙනී සිටින්නට නියම කර තිබේ"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka