ඈ 'පූජා වින්ඩි'....
සරාගී විලාසිතා නිසාම 'අතිශය' කතාබහට ලක්වන චරිතයක්. (මුහුණු පොතේ ඔබටත් ඒ 'ආන්දෝලනාත්මක' ඡායාරූප ඇහැ ගැටිලා ඇති...)
නිරූපණ ක්ෂේත්‍රය තුළ 'නානා ප්‍රකාර' අත්හදා බැලීම් එහෙමත් කරන 'පූජා', ඇගේ 'ක්ෂේත්‍ර ආගමනය' ගැන මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
'මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දි අවුරුදු දෙක හමාරක් වෙනවා. ගොඩක් මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම්වල රඟපාලා තියනවා.'
ආන්දෝලනයට ලක් වූ (බුකියේ හුවමාරු වූ) 'සමලිංගිකත්වය' තේමා කරගත්ත ඡායාරූප එකතුව ගැනත් ඇය මෙහෙම කියලා තිබුණා.
'මම සමලිංගිකයෙක් නෙවෙයි. නමුත් මම සම ලිංගිකත්වයට විරුද්ධ නැහැ. ඕන කෙනෙක්ට තමන් කැමැති ඕන පුද්ගලයෙක් එක්ක ජීවත්වෙන්න අයිතිය තියනවා. නමුත් ඒ අයිතිය ලංකාවෙ ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැතුව සමලිංගික පුද්ගලයන්ට අපහාස කරනවා..'
කලා ලෝකයෙන් එන 'අයුතු යෝජනා' ගැනත් ඇයට කියන්න 'කතාවක්' තිබුණා.
'එක රැයින් ජනප්‍රිය වෙන්න අවස්ථාව සලසලා දෙන්නම් කියලා ලිංගිකව එකතු වෙන්න කැමතිද කියලා අහපු අය හිටියා. මට ඒ විදිහට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මට ඕන මගේ හැකියාවෙන් හොඳ විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න...'