gossip lanka

රටක් ආදරය කරන සොඳුරු හඬ, හදවතේ ගායක චාමර වීරසිංහ රෝහල්ගත කරයි? ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මේ වන විට රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව තිබුණේ ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) ප්‍රතිකාර ලබමින් පසුවන බවක්.

කෙසේ නමුත් මේ පිළිබඳව කළ සොයා බැලීමක දී තහවුරු වූයේ ඔහු රෝහල් ගතකර ඇති පුවත සත්‍යක් වන බවයි.

එමෙන්ම ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනය කරමින් බෝධි පූජා පිංකමක් ද සංවිධානය කර ඇති බැව් අපට වාර්තා වුණා.

ගෙවුණු දිනවල චාමර වීරසිංහයන් අසනීප තත්ත්වයෙන් පසුවන බව අප ඔබට වාර්තා කළා.

තමන් අසනීපව සිටින බැව් ඔහු විසින් ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කරමින් දැනුම් දී තිබුණා.

එතැන් පටන් ''හදවතේ ගායකයා'' මැයෙන් රසික හදවත්වල කිරුළු පැළඳූ ඔහු වෙනුවෙන් ''සුව පණිවිඩ'' රැසක් ගලා ආවේ ඔහුට ඇති ආදරය අසීමිත වන නිසාවෙන්.

ඉතින්, හදවත් සනසන සොඳුරු හඬ චාමර වීරසිංහ අපි ද ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු...

 - මොනරා
gossip lanka