gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''විශාල අකුසලයක් කරලා ඇති ඒ සතුටු වෙන රාත්‍රියේම අඬන්නත්.... ජීවිතේ එහෙම තමයි...'' - සම්මානයක සතුට කඳුලකට හැරෙන හේතුව ගැන යුරේනි කියන කතාව

නිතර හිනාවෙලා කෑගහලා දඟලලා ඉන්න චරිත ඇතුළෙ, හීනෙකින්වත් හිතන්න බැරි සංවේදී මනුස්සයෙක් ජීවත් වෙනවා.

සමහර වෙලාවට එහෙම මිනිස්සුන්ට කියන්න තියෙනවා කතාවක්, අතිශය සංවේදී කාරණාවලින් පිරුණු...

නිළියක්, නිවේදිකාවක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් හැටියට කාගෙත් ආදරේ දිනූ යුරේනි නොෂිකාගේ කතාවත් එවන් එකක් බව ඔබ හොඳාකාරවම දන්නවා.

ඉතින් ගෙවුණු දවසකත් ''THE RR SHOW'' වින්දනාත්මක වැඩසටහන එක්ක එකතු වුණු ඇය, සම්මානයක් ගත් සෑම වතාවකම දෑස් කඳුළින් පිරෙන හේතුව ගැන මේ විදියට කතා කරලා තිබුණා.

''සම්මානයක් ගන්න හැම වෙලාවකම,

මං ගෙදර යනකොට තනියෙන් මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ.

සමහර වෙලාවට සම්මාන රාත්‍රියේ සම්මාන අරගෙන කොට්ටෙත් එක්ක අඬලා තියෙනවා මං.

එච්චර සතුටු රාත්‍රියක්, මට සතුටු වෙන්න කවුරුත් නෑ. ඉතින් මං කොට්ටෙත් එක්ක අඬලා තියෙනවා.

මම හිතනවා විශාල පිනක් කරලා ඇති පෙර සංසාරෙ ඒ වගේ ගරු බුහුමන් ලබන්න.

හැබැයි ඒ හා සමාන විශාල අකුසලයක් කරලා ඇති ඒ සතුටු වෙන රාත්‍රියේම අඬන්නත්.

ඒක නිසා සම්මාන රාත්‍රියක දිනපු හැම වෙලාවකම සතුටු කඳුළු වගේම දුක් කඳුළුත් එමටයි පිටවෙච්ච.

මොකද ඒ සතුට සමරන්න පවුලක් හිටියා නම් කියලා.

අද මෙහෙම දැවැන්තයින් එක්ක අද මෙහෙම ඉන්න මට වාසනාව හම්බෙලා තියෙනවා.

මට මගේ අම්මයි තාත්තයි නැති වෙද්දි අවුරුදු හතයි.

ළාවට පිංතූරයක් විතරයි මතක. ආච්චි ඉන්නවා.

ජීවිතේ එහෙම තමයි.

නමුත් එහෙම වුණේ නැත්නම් මම හිතන්නෙ නෑ අද යුරේනි නොෂිකා කෙනෙක් ඉඳියි කියලා...''

නව පරපුරේ රංගනයට හීන දකින අය වෙනුවෙනුත් යුරේනි මෙහෙම කියලා තිබුණා.

''ඉවසගෙන ගමනක් යන්න.

මොකද සාර්ථකත්වය කියන එක හරි හිමින් එන එකක්.

ඉවසගෙන තමන් තුළ විශ්වාසය තියාගෙන හරි හිමින් ගමනක් ගියොත් ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්.

නැත්නම් ඉක්මන් කොටයි....''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka