අවසන් ලෝක ශූරතාවයන් දෙකම ශ‍්‍රී ලංකාවට අහිමි පිළිබඳව කණගාටු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සඳහන් කරයි.
තමන් සැමවිටම රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවද පවසන ඔහු ගිය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසුව තමන්ගේ ආබාධය යම් තරමකට සුව වී තිබුණ නිසා පුහුණුවීම් ඇරඹූ බවත් ඒ හේතුවෙන් තමන් යළි ආබාධයට ලක්වූ බවත් ඔහු කියා සිටී.
ඒ අනුව දැනට සිදුකර ඇති ශල්‍යකර්මයෙන් පසු සති 12 ක කාලයක් විවේක සුවයෙන් සිටිය යුතු බවත් දැනට සති පහක් ගත වී ඇති බවත් ඔහු පවසයි.
ඒ අනුව එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් පුහුණුවීම් ආරම්භ කරන බවත් ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්බේ තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද වනිඳු හසරංග සදහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි
වනිඳු මේ වන විට එක්දින පන්දු යවන්නන්න ශ්‍රේණිගත කිරීමෙන් පසු වන්නේ 64 වන ස්ථානයේ වන අතර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙන් දෙවන ස්ථානයේ පසුවෙයි.