gossip lanka

පොලීසියට වෙට්ටු දැමූ කොලොන්නාවේ කුඩු රැජින STF දැලේ : ළඟ තිබී මත්කරල් සහ හෙරොයින් සොයා ගනී!

කොලොන්නාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සන්තකයේ තිබී මත්කරල් 374ක් සහ හොරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600ක් තිබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් මුදල් රුපියල් 138,000ක මුදලක් ද ඇය සතුව තිබූ බවද පොලීසිය පවසනවා.

මෙම කාන්තාව දිගු කාලයක් පුරාම පොලීසිය රවටමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සූක්ෂම ලෙස සිදුකර ගෙන ගොස් තිබෙන බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
gossip lanka