gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මමත් ලෑස්තියි. අපි හැමෝම එකතුවෙලා අපේ ක්‍රිකට් ඉදිරියට ගෙනියමු…” – දිල්ෂාන්ගෙන් ක්‍රිකට් ගොඩගන්න පොරොන්දුවක් (VIDEO)

තමන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වූ අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක්කර තිබුණා.

ඔහු පැවසුවේ, අර්ජුන රණතුංගගෙන් තමා ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටයි.

මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.

එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින් ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම්, ඔවුන් ව හරි මාවතට ගෙන ආ හැකි බව ද තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පවසනවා.

මේ ඔහු වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති තත්ත්වය ගැන කියූ කතාව,

” මේ වෙනකොට අපේ රටේ වැඩිපුරම කතාබහ වෙන මාතෘකාව තමයි ක්‍රිකට් කියන්නෙ. ඉතින් අපි පහුගිය තරඟ පරාජයත් එක්ක සෑහෙන්න ක්‍රිකට් ගැන කතා කළා. අපේ ක්‍රිකට් සෑහෙන්න පල්ලෙහාට ගිහින් තියෙනවා.ඉතින් හිටපු නායකයෙක් හැටියට මටත් ලොකු ගැටළුවක් තියෙනවා ඇයි මෙච්චර සුළු කාලයක් ඇතුළත මෙච්චර අපේ ක්‍රිකට් ඇයි පල්ලෙහාට ගියේ කියන එක.

හැබැයි සෑහෙන්න තරුණ දක්ෂ ක්‍රීඩකයො ඉන්නවා ඒගොල්ලොන්ට හරි මාර්ගය පෙන්වනවා නම්, මම හිතනවා නැවතත් අපේ ක්‍රිකට් හරි තැනට ගේන්න පුළුවන් කියලා. විශේෂයෙන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ කරන සියලුමදෙනා කොච්චර පැරදුණත් අපේ ක්‍රීඩකයන්ට එදා වගේ හැමදාමත් ආදරේ කරනවා.

විශේෂයෙන් මතක් කරන්න ඕනි අර්ජුන අයියා ඉල්ලීමක් කරලා තියෙනවා අපේ රටේ ක්‍රිකට් ගහලා විදෙස් රටවල්වල ඉන්න අයට නැවතත් අපේ රටේ ක්‍රිකට් හදන්න එකතු වෙන්න කියන එක. මම මේ වෙලාවේ ආරාධනාවක් කරනවා හැමෝටම එකතුවෙන්න අපි අපේ රටේ ක්‍රිකට් හදන්න ශක්තියක් වෙමු.

මමත් ලෑස්ති වෙලා ඉන්නවා මගේ උපරිම ශක්තිය යොදවලා නැවතත් අපේ ක්‍රිකට් තිබ්බ තත්ත්වෙට ගේන්න මගෙන් දායකත්වයක් ලැබෙන්න ඕනි නම් මම ඒක අනිවාර්යෙන් කරන්න සූදානමින් ඉන්නවා.අපි හැමෝම එකතුවෙලා අපේ ක්‍රිකට් හදලා ඉදිරියට ගෙනියමු….”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka