gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආ වැඩේ අමතක වුණ සොරා ගුරුවරියට වශී වෙලා... මහ රෑ නිදියහනේ සිටි කාන්තාව නිසා උන්හිටිතැන් අමතකවුණ ඔහුට නොදැනීම නින්ද ගිහින් වුණ දේ මෙන්න

මේ කතාව ඇහෙන්නේ මිල්ලනිය ප්‍රදේශයෙන්.. මේ සිද්ධිය වෙනකොට පාන්දර 2.30 ට විතර ඇති..

සැමියත් දරුවන් දෙදෙනාත් නින්දට වැටුන පසු ඇය නින්ද වැටෙන්නේ ගෙදර ජනෙල් දොරවල් සියල්ල විපරමට ලක්කළ පසුවයි...

එදා ලෝක කුසලාන අවසන් මහා තරගය බලා රාත්‍රී 11.30 ට පමණ එම ගෙදර නිවැසියන් සියළු දෙනා නින්ද ගොස් තිබුණා.. ඒත් පාන්දර 2.30 ට විතර වුණ දේ ගැන කාටවත් අදහා ගන්න බැරි ලු...

මිල්ලනිය පොලිස් වසමට අයත් ගම් ප්‍රදේශයක අඹු සැමි යුවළක් පෙරේදා 19 වැනිදා රාත්‍රි ඉන්දියා - ඕස්ට්‍රේලියා අවසන් ක්‍රිකට් තරගය නරඹා දරු දෙදෙනා සමග රාත්‍රි 11.30 ට පමණ නිවෙසේ ඉදිරිපස කාමරයේ නින්දට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා...

ඔවුන් කාමරයේ විදුලි බල්බ නිවා සාලයේ විදුලි බල්බයක් දල්වා කාමරේ දොර රෙද්ද ඈත්කර එහි විදුලි එළිය කාමරයට වැටෙන පරිදි සකස් කර තිබීම පුරුද්දක් කරගෙන තිබෙනවා..

අලු‍යම 2.30 පමණ ගුරුවරිය හිටිහැටියේ අවදි වී ඇති අතර ඇය අවදිව කාමරේ ඇඳ මත හිඳ සාලයේ දෙස බැලීමේදී කාමරය දෙස බලාගෙන යම් පුද්ගලයකු බිම නිදාගෙන සිටින අයුරු දැක තිබූ අතර, සිය සැමියා ඇඳ මත සිටිනවාදැයි පරීක්ෂා කර බැලීමේදී සැමියා එහි සිටිනු දැකීමත් සමගම ඇය බිය වී යටිගිරියෙන් කෑ ගසා ඇතැයි පොලිසිය පවසනවා..

ඒ සමගම බිම නිදා සිටි පුද්ගලයා අවදි වී මුළුතැන්ගෙය දෙසට දිව ගොස් අතුරුදන් වී ඇති අතර නිදා සිටි සැමියා හා දරු දෙදෙනා ද ඒ සමගම අවදි වී ඇතැයි පොලිසිය පවසනවා...

අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී නිවෙස තුළට පැමිණි පුද්ගලයා පලාගොස් ඇත්තේ මුළුතැන්ගෙයි ජල කරාමය අසල තිබෙන කුඩා ජනේලයෙන් බවට අනාවරණය වී තිබුණා..

අඹු සැමි යුවළ තමන්ගේ රන් භාණ්ඩ සහ ජංගම දුරකථන හා අනෙකුත් වටිනා දේපළ සොරාගෙන ගොස් ඇත්දැයි සොයා සිදුකළ පරීක්ෂාවේදී ඒවා ඒ අයුරින්ම තිබී ඇති අතර මුදල් පසුම්බියේ තිබූ රුපියල් 1800/= මුදලක් පමණක් පැමිණි පුද්ගලයා සොරා ගෙන ඇති බවට තහවුරු කරගෙන ඇති අතර නිදා සිටි ගුරුවරිය දෙස බලා සොරකම සඳහා පැමිණි පුද්ගලයාට නින්ද යාම හේතුවෙන් සිදුවීමට ගිය විශාල හොරකමක් වැළකී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka