gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පණ වගේ හිටපු මගෙ මහත්තයාට මොකද වුණේ දෙයියනේ – බිරිඳ ජයනා මධුවන්ති හැඬූ කඳුළින් කියයි

“සබ්බ පාපස්ස අකරණං කියලා එයා ෆේස්බුක් එකට දාලා තියෙනවා ඇයි කියලා අහපුවාම මේ සේරම කවදහරි දාලා යන්න වෙනවා. මගේ පණ වගේ ඉන්න දුව රටකට දානකම් මම ලංකාවට යන්නෑ. අම්මත් අඩු වයසින් මැරුණා. ඒ නිසා මට බයයි විඳවලා අඩු වයසින් මැරෙන්න වෙයිද කියලා එයා අතුරුදන් වෙන්න සතියකට ඉස්සරලා මෙහෙම කියල තියෙනවා.”

ඇයි මෙච්චර දවසක් බලාන හිටිය අපිට මේ වගේ නරක ආරංචියක් ලැබුනෙ. පණ වගේ හිටපු මගෙ මහත්තයාට මොකද වුණේ දෙයියනේ”

හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් අතුරුදන්ව සිටි වෙන්නප්පුව කොලොන්ජාඩිය ප්‍රදේශයේ පදිංචි පණ්ඩිත වාසල මුදියන්සේලාගේ සුජිත් නිශ්ශංක බණ්ඩාර යටවර නමැති අයගේ දේහය හඳුනාගත් බවට ලද ආරංවිය දැන ගැනීමෙන් පසු මිය ගොස් සිටි අයගේ බිරිඳ වන ජයනා මධුවන්ති හැඬූ කඳුළින් කීවාය.

ඉකුත් මස 07 වන දින හමාස් ප්‍රහාරයෙන් සුජිත් නිශ්ශංක අතුරුදන් වූ බවට හඳුනා ගත්තේය. මාසයකට ආසන්න කාලයක් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති පසුබිමක ඉකුත් 26 වන දින දරුවන්ගේ ගේ ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් ඊශ්‍රායලයට යැවීමට කටයුතු කෙරිණි.

ඉන් අනතුරුව සුජිත් නිශ්ශංක මියගොස් ඇති බව ඩීඑන්ඒ පරීක්ෂා වාර්තාව හා සැසඳීමේදී තහවුරු වී ඇති බව පසුගිය 03 වෙනි දින ඊශ්‍රායල රජය විසින් දැන්වීමට කටයුතු කිරීමෙන් අනතුරුව ශෝකය බෙදා ගැනීමට ඥාතීන් ඇතුළු හිතවතුන් විශාල පිරිසක් වෙන්නප්පුව කොළොන්ජාඩිය නිවසට පැමිණෙමින් සිටී.

සුජිත් බණ්ඩාර යටවර දෙදරු පියකි. වයස අවුරුදු 13 ක දියණියක් හා වයස අවුරුදු 8ක පුතෙකු සිටින ඔහුගේ උපන් ගම් මැදිරිගිරිය ප්‍රදේශයේය. සිය අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු රැකියා කිහිපයක නිරත වූ ඔහු මීට වසර 17 කට පමණ පෙර ඩුබයි රටේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. එහි සේවය කරමින් අතරතුරදී එරටදී වෙන්නප්පුවේ පදිංචි ජයනා මධුවන්ති හමුවී ඔවුන් අතර ඇතිවූ ඇසුර දුරදිග ගොස් දෙදෙනා ලංකාවට පැමිණ එක වහලක් යට ජීවත් වීමට කටයුතු කරයි. අනතුරුව සිය බිරිඳගේ මහගෙදර ජීවත් වූ මෙම යුවළ තමන්ටම කියා නිවසක් තනා ගැනීමට හා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු යහමින් පවත්වාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ අරමුණින් සුජිත් නිශ්ශංක බිරිඳගේ සහ පවුලේ ආශිර්වාද මධ්‍යයේ ඊශ්‍රායලය බලා පිටත්ව යන්නේ මීට වසර 8 කට පමණ පෙරය. ඒ 2015 වේ දීය. පසුව එරට සේවයේ යෙදෙමින් ඔහු ඉකුත් 2018 වසරේ ජූනි මාසයේ ලංකාවට පැමිණ මාසයක් පමණ රැඳී සිට නැවත ඔහු ආපසු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.

මියගිය අයගේ බිරිඳ ජයනා මධුවන්ති කිසිත් කර කියාගත නොහැකිව දරුවන් දෙදෙනා තුරුළු කරනෙ සුජිත් නිශ්ශංකගේ ඡායාරූප සහිත ඇල්බමය පෙරළමින් දෙකම්මුල් වලින් ගලා හැලුණු කඳුළු බිඳු පිසදමමින් නැවතත් ආයාසයෙන් කට හඩ අවදි කළාය.

ඔක්තෝබර් මාසේ හත්වෙනි වෙනිදා තමයි අන්තිමට අපිට කතා කළේ. ඒ වෙලාවේ උදේ 10:25 ට විතර ඇති. බෝම්බ සද්ද ඇහෙනවා වෙනදටත් ඒ විදියට ඇහෙන නිසා එයා ඒක ගණන් ගත්තෙ නැහැ කිව්වා. මට බය හිතුනා. මං කිව්වා එහෙනම් එලියට යන්න එපා කියලා. ඒ එක්කම තමයි එයාගෙ ටෙලිෆෝන් කෝල් එක නතර වුණේ. අපේ නංගිත් ඉන්නෙත් එහෙ. පස්සේ මං අපේ නංගිට කිව්වා ටිකක් හොයල බලන්න කියලා. ඊට පස්සේ හැම තැනම හොයලා බැලුවා. ඊට පස්සෙ මහත්තයා අතුරුදන් වුණ දා ඉඳන් බෝධි පූජා තිබ්බා, යන්න ඕන හැම තැනටම ගියා. එහෙම තියෙද්දි තමයි පෙරේදා දුවගේ ඩීඑන්ඒවලට මැච් වෙන බොඩි එකක් හමු වුණා කියලා එය මගෙ මහත්තයගෙ බවට තහවුරු වෙලා තියෙන්නෙ.

ඒත් මට විශ්වාස කරන්න බැරි වුණා ඇත්තෙන්ම මං කවදාවත් හීනෙනික් වත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. අද මං දරුවොත් එක්ක තනිවෙලා. එයාගේ එකම බලාපොරොත්තුව වුණේ මේ දරුවන් දෙන්නට උගන්වන්න. ඒ නිසා තමයි ගිය සැරේ ලංකාවට ඇවිල්ලා ඒ දෙන්නව ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට දැම්මෙ. අපේ දුව ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. එයා දුවට හරිම ආදරෙයි. ඒ නිසා එයා නිතරම කිව්වෙ කොහොම හරි දුවව රටකට ගන්නවා කියලා. ඒක තමයි එයාගෙ ලොකුම බලාපොරොත්තුව තිබුණේ. ඒත් ඒ සියලු දේවල් අද නැතිවෙලා. අපි ගොඩක් දුක්විඳපු කට්ටිය. මට එයාව හමුවුණේ ඩුබායි රටේදී. පස්සෙ ලංකාවට ඇවිල්ල කසාද බැඳලා ඊට පස්සෙ තමයි එයා රට ගියේ. පස්සේ අපි කුලියට හිටියා ඊට පස්සේ එයා කිව්වා අපිටම කියලා ගෙයක් ගමු කියලා. පස්සෙ මේ ගේ ගත්තා. ඒක හොඳට හදලා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එයාට අපි පෙන්නුවා. එයාට හරි ආස හිතුනා. නමුත් මේ ගෙට එයාට එන්න ලැබුනෙ නෑ.

අතුරුදන් වූ දා ඉඳලා ඊශ්‍රායලේ ඉන්න අයත් අපේ රටේ ඥාතීන් සහෝදරයෝ හිතවතුන් මගේ හිත හදන්න ගොඩාක් උත්සාහ කෙරුවා. පුළුවන් අය ගෙදරට ආවා. එන්න බැරි අය දුරකථනයෙන් කතා කරලා මගේ හිත හැදුවා. ඒ වගේම තමයි කිසිදු තොරතුරක් නැතිව සිටින අවස්ථාවක තමයි අරුන්දික මහත්තයා ඇවිල්ලා මට ඩීඑන්ඒ පරීක්ෂා වාර්තාව ලබා ගන්නා අවශ්‍ය කටයුතු කළේ. අපි කොළඹට ගිය වාහනයටත් පරීක්ෂාව කරන්නත් අවශ්‍ය මුදල් දුන්නා. ඒ වගේම මගෙ නිශ්ශංක නැතිවෙලා කියලා දැනගත්තු වහාම මට දැනුම් දුන්නා. මේ උදව් කළ සියලු දෙනාටම මගෙ දුක බෙදාගත්ත සියලු දෙනාට මම පින් දෙනවා.

ඉදිරි දින කිහිපය තුළ මියගිය සුජිත් නිශ්ශංක බණ්ඩාර යටවරගේ දේහය ලංකාවට රැගෙන රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka