gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් බෝඩ් එක අපිට දුන්නොත් රට වෙනුවෙන් උපරිම සේවයක් කරනවා - අරවින්ද කියයි

ලංකාවේ ක්‍රිකට් පරිපාලනය හරි ප්ලෑන් එකක් අනුව නොගියොත් ජාතික කණ්ඩායම කඩා වැටෙන එක වළක්වන්න බැහැ. දැන් වෙලා තියෙන්නේ ඒකයි. අනිත් එක කණ්ඩායමේ විනය ඉතා වැදගත් යැයි 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක අරවින්ද ද සිල්වා මහතා  ඊයේ (5 දා) පැවසීය.

වත්මන් ජාතික කණ්ඩායම තුළ දක්‍ෂ ක්‍රීඩකයන් රැසක් සිටිය ද ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් කළ හැකි ක්‍රිකට් පරිපාලනයක් නොමැති වීම ඉතා කනගාටුදායක බව ද හෙතෙම කියා සිටියේය.

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුර්වල පරිපාලනය හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට අත්වී ඇති ඉරණම ගැන ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය. තවදුරටත් කතා කළ අරවින්ද ද සිල්වා මහතා මෙසේද පැවසීය.

අපි සෙල්ලම් කරන කාලේ ක්‍රිකට් බෝඩ් එක හරියට පවත්වාගෙන ගියා. ඔවුන් කණ්ඩායමේ විනය, අංක එකට තියාගෙන ආවා. ඒ වගේම ක්‍රීඩකයන් ගැන නිතර සොයා බැලුවා. මේ නිසා ක්‍රීඩකයන් වුණත් හරියට සෙල්ලම් කළා. වැරදි වැඩ කළේ නැහැ. අද තත්ත්වය වෙනස්. පරිපාලනය හරියට කළේ නැත්නම් ක්‍රීඩකයන් නොමඟ යන්න පුළුවන්. ඉතා හොඳ දක්‍ෂ තරුණ ක්‍රීඩකයන් කණ්ඩායම තුළ ඉන්නවා. ඔවුන්ට නිසි මග පෙන්වීමක් කළ හැකි පරිපාලනයක් තමයි නැත්තේ.

දැන්වත් හරි ප්ලෑන් එකක් අනුව පරිපාලනය ගෙන ගියේ නැත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තව තවත් ඇද වැටෙන්න පුළුවන්. නීති රීති මාලාවක් දාන්න. පරිපාලනය මාරු කරලා ක්‍රිකට් වලට ආදරය කරන රට ගැන හිතන පිරිසක් පත්කරන්න ඕනේ. අපි සෙල්ලම් කරන කාලයේ ක්‍රිකට් පරිපාලනය ඉතා හොඳ මට්ටමක තිබුණා.

මේ විදිහට ගියොත් හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ අනාගතය විනාශ වෙලා යන්න පුළුවන්. මම, අර්ජුන ඇතුළු කණ්ඩායම හට මේ බෝඩ් එක භාර දුන්නොත් කළ හැකි උපරිම සේවාවන් රට වෙනුවෙන් කරනවා.

දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka