gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපරාධයකට සුදානම්ව සිටි පාතාල සාමාජිකයෙක් STF අත්අඩංගුවට! ඝාතන රැසකට යොදා ගත් T-56 ගිනි අවියක් ද පොලිස් භාරයට!

කුප්‍රකට පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'හීනටියන මහේෂ්' නමැත්තාගේ ප්‍රධාන ගෝලයයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ අංක 37, මේරියන් පෙදෙස, කුඩා පාඩුව මීගමුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී යම් අපරාධයකට සැරසෙමින් සිටියදී මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී T56 අවි 01 යි, එම අවියට යොදන මැගසින් 03 ක් සහ උන්ඩ 87 සහ 8mm වර්ගයේ පිස්තෝල අවි 01 ක් මෙන්ම ෂොට් ගන් අවියට යොදන ජීව උණ්ඩ 15 ක්ද, ව්‍යාජ අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු 25 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තවද පොලිස් භාරයට ගත් මෙම T56 අවිය පසුගිය කාලයේ මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනයට යොදාගත් අවිය බවටයි කරුණු අණාවරණ වන්නේ.

එමෙන්ම මෙය දකුණු සහ බස්නාහිර පළාත් තුල අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගත් අවියක් බවට කරුණු අණාවරණ වී තිබෙනවා.

මෙම අපරාධය සඳහා සැකකරු මෙහෙයවා ඇත්තේ ඩුබායි හී සැගව සිට අපරාධ මෙහෙයවන හීනටියන මහේෂ්ගේ තවත් ගෝලයකු වන සුන්නා නමින් අන්වර්ථ නාමයකින් හඳුන්වන අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka