gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පවුල් ආරවුලක් දුරදිග යයි! දෙදරු පියා සිරුරට ගිනි තියාගෙන ත්‍රීවීල් එකටත් ‌ගිනි තියයි!

බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


ත්‍රිරොද රථය ද ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය වූ ස්ථානයට පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka