gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලීසිං ඇරියස් වාහන අරගෙන කළ මහා ජාවාරම වටලයි!

ලීසිං වාරික මගහැරී ඇති ත්‍රිරෝද, යතුරුපැදි සහ කුඩා ලොරි අඩුමිලට ලබාගෙන එන්ජින් සහ චැසි අංක වෙනස්කර මහා පරිමාණයෙන් අලෙවි කිරීම සිදුකළ දොඩන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය සමත්ව ඇත.

දොඩන්ගොඩ මලබඩ සහ පැපිලියවත්ත ප්‍රදේශයේ පදිංචි 32 සහ 39 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

ලීසිං වාරික ගෙවීම මගහැරී ඇති වාහන ලබාගන්නා සැකකරුවන් අනතුරුවලට ලක්ව කන්ඩම් තත්ත්වයට පත්වූ වාහනද අඩුමිලට ලබාගෙන එම වාහනවල ලියකියවිලිවලට අදාළව චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර තිබූ බවද වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරුවන් විසින් අඩුමිලට ලබාගන්නා ලද ත්‍රිරෝද රථ 9 ක්, යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් සහ කොටස් ගලවන ලද ත්‍රිරෝද රථ අමතර කොටස් විශාල ප්‍රමාණයක් සොයාගත් බවද පොලිසිය කීය.

සැකකරුවන් කළුතර මතුගම සහ දොඩන්ගොඩ අවට ප්‍රදේශවලින් සහ කන්ඩම් වාහන ආයතන වෙතින් මිලදීගෙන ඇති බවත්, ඒ අවට ප්‍රදේශවලට අලෙවි කර ඇති බවත් සඳහන් වේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩුභාණ්ඩ සමග දොඩන්ගොඩ පොලිසියට භාරදී තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක ධර්මසේන, සැරයන් වරුන්වන සුසිල් (45783), ඉන්දික (60015), දේශප්‍රිය (67757), කොස්තාපල් වරුන්වන ධනුෂ්ක (72488), ප්‍රියන්ත (79431), අසංක (40382) වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka