gossip lanka

ශ්‍රී ලංකා ක්‍රීඩක ලෝක කුසලාන මුදල් අත්හිටුවයි!

මෙවර පැවති ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමිවූ ත්‍යාග මුදල් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ අනුව ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන හතරක ත්‍යාගයක් හිමිව ඇති අතර අනුශූරයන් වූ ඉන්දියාවට ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිව තිබේ.

අවසන් පුර්ව වටයට ආ නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිව ඇත.

තරගයට එක් වූ සෑම කණ්ඩායමකට ඩොලර් ලක්ෂයක් සහ ජයග්‍රහණය කළ තරගයට ඩොලර් හතලිස්දහ බැගින් හිමිව තිබේ.

මෙම තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව හිමි වන මුදල ඇමරිකානු ඩොලර් 180,000 කි.

නමුත් ශ්‍රී ලංකාවට පනවා ඇති ක‍්‍රිකට් තහනම හේතුවෙන් එම මුදල ශ්‍රී ලංකාවට නිදහස් නොකිරීමේ අවදානමක් මතුව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හෙට දිනයේ රැස්වෙන අතර එහිදී මේ පිළිබඳවද තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ප්‍රධානම කාරණය ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එමෙන්ම ජනවාරි මාසයේදී ආරම්භ වන 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ ද නැද්ද යන්න මෙහි දී සාකච්ඡා වීමට  නියමිතය.
gossip lanka