gossip lanka

"සම්මා ලයිව්!!සම්මා ඩොක්ටර්! පිං කැටේ යතුර කෝ? යන ගමන් ලයිව් එන්නම්,හැමදාම සැටියේ නිදන් ඉන් නෑ මං!!.." - මොකද්ද මේ සිරිලංකාවට වෙන විනාසය?

මම යන ගමන් ලයිව් එන්නම්,හැමදාම සැටියේ නිදන් ඉන් නෑ මං!! දළඳා මාළිඟාවෙත් පිරිත් වෙනුවට සිංදු දැම්මානම් හරි... වැඩ ගොඩයි මහන්සි... හෙට ලයිව් එන්නම්.... හැමදාම සැටියට වෙලා මම නිදාගෙන ඉන්නෙ නෑ. ඉස්සරහාට මට වැඩ තියනවා. ඒවත් මම බෙදාගන්නම්...' (ඔබත් ඒ ලයිව් වීඩියෝව බැලුවද?....)

'ධර්මය විකෘති කිරීම', 'භික්ෂූන්ට නොගැළපෙන ලෙස හැසිරීම', 'ශාසනය විනාශ කිරීම'.... මේ සියලු කරණු කාරණා මේ මොහොතෙත් බොහෝ දෙනෙක් අතරේ බැරැරූම් ව සාකච්ඡාවට ලක්වනවා.

අනෙක් අතට, 'මුහුණුපොත' ඇතුළේ වේගයෙන් 'සංසරණය' වන්න ගන්න ඇතැම් 'ඡායාරූප සහ වීඩියෝ' අනුව මනාවට පැහැදිලි වන දේ, 'ශාසනය' ඇතුළත ඔය කියන 'නොමනා දේ' සාමාන්‍ය 'සාමාන්‍යකරණයක්' බවයි.

නමුත් 'සිවුරු පොරවන් ඉන්න' ස්වාමින් වහන්සේ නමක් එසේ 'නොමනා' ලෙස හැසිරීම 'පිළිකුල් සහගතයි' කියන මතයේ බොහෝ දෙනෙක් එළඹ සිටිනවා.

මෑතක බුකියේ සංසරණය වූ 'සුමන හිමියන්ගේ' වීඩියෝව දමීට කදිම නිදසුනක්. එහි දකින්නට ලැබෙන 'මහා වරද' තමන් කැමති කෙනෙකුන් හා ලිංගික 'සංවාසයේ' යෙදීමම නොවන බැව් බොහෝ දෙනෙක් අවබෝධ කරගත යුතුව තිබේ.

එයින් 'නොනැවතුණු' හිමිවරුන් සම්බන්ධ තවත් 'සිදුවීම්' බොහෝමයකුත් වරින් වර කරළියට පැමිණ තිබුණා.

ඒ අතර, එක් හිමිනමක් 'වීඩියෝ සංවාදයක' යෙදෙන වීඩියෝවක්, තවත් හිමිනමක් කාන්තා කුසකට 'වෙද නළාව' තබමින් ඉන්න ඡායාරූපයකුත් දැක ගත හැකිවුණා.


මොන 'බලවේගය' යටතේ වුණත්, මේවා 'අසාමාන්‍ය' හෝ මින් පෙර දී 'සිදු නොවුණු' සිදුවීම් ලෙසින් හුවා දැක්වීමක් සිදු කළ නොහැකි වන්නෙ, ඒවා දැනටමත් 'සමාජ මාධ්‍ය පරිශිලකයින්ට' පවා සාමාන්‍ය 'සංසිද්ධි' වන නිසා‌ යි.

'හිමිවරුන්' සම්බන්ධ මෙවැනි සිදුවීම් ගැන 'ප්‍රසිද්ධියේ කතා පැවැත්වීම' මහා පවක්, පාපකර්මයක් ලෙසින් දැන අඳුනගත්තා වුණත් 'වත්මන' වන විට එය 'වෙනස් ස්වරූපයක්' ගෙන තිබෙනවා.


මෑතක 'සුදත්ත හිමි'ට එරෙහි විරෝධයක් ද මතු වූයේ ඒ නිසයි. උන්වහන්සේ ජපන් ර‌ටේ දී 'තරුණයෙකු' සිය කුටියේ තබාගත්තා යැයි 'දායකයින්' පිරිසක් උන්වහන්සේ ව 'පතුරු හරින' වීඩියෝවක් ඒ සමයේ සමාජ මාධ්‍ය තුළ කතාබහ වුණා.

මේ සිදුවීම් පමණක් ම නොව අනෙක් අතට, 'බුදු දහම' අමු අමුවේ විකෘති කරමින් 'මඩිය තරකරගන්නා' උතුමන් ද මෙහි වැඩ වාසය කරනවා. තමන් වහන්සේ 'බුදු වූවා' යැයි හෝ 'රහත් වූවා' යැයි හෝ කියමින් 'උදම් අනන' ඒ උන්වහන්සේලා මේ 'ලියමන' ලියන මොහොතෙත් තවත් 'නවමු අත්හදා බැලීමක'ට පිඹුරු පත් සකසමින් ඉන්නවා.

බුදුන් වහන්සේ ම වදාළ පරිදි 'ශාසනය' විනාශයට පත් කරන 'වුන්' ශාසනය තුළම සිටිමින් එය රිසි සේ සිදු කරමින් ඉන්නවා.

උපුටා ගැනීම : monara.com
gossip lanka