gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෝ මරාගනිති… පරාජයේ වගකීම එකිනෙකාට පවරති… මහෙලත් ගැටුමට මැදි වෙලා!

ක්‍රිකට් පුහුණු අංශයේද ඊයේ ( 22) සවස ගිනි පත්තු වී ඇතැයි වාර්තා වේ.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් දක්ෂතා අංශයේ පැවැති පුහුණුකරුවන්ගේ රැස්වීමක් අවසානයේ සහය පුහුණුකරු නවීඩ් නවාස් හා පන්දු රැකීම් පුහුණුකරු ඇන්ටන් අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර එය ගහ ගන්නා තත්ත්වයකට වර්ධනය වී තිබේ.

මෙයට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා උසස් දක්ෂතා අංශ ප්‍රධානී ටිම් මැකක්ස්කිල්ද  මැදිහත් වීම නිසා දේශීය පුහුණුකරුවන් හා විදෙස් පුහුණුකරුවන් අතර ගැටුමක් බවට පත්ව ඇත.

ඉන්පසු උපදේශක මහේල ජයවර්ධනද මෙම ගැටුම මැදට පැන කෑ කෝ ගසා ඇත්තේ මුළු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයම දෙවනත් කරවමින් බව එහි සේවකයෝ පවසති.

ගැටුමට හේතු වී ඇත්තේ රැස්වීමේදී පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් විසින් ලෝක කුසලාන තරගාවලියේ අන්‍ත පරාජයට වග කිව යුත්තේ දුර්වල පිතිකරණය බවත් එහි වගකීම නවීඩ් නවාස් විසින් භාරගත යුතු බවත් පැවසීම නිසා බව වාර්තා වේ.

මෙහි විහිළුව වන්නේ ලෝක කුසලානයේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් අත හැරි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු මෙසේ පිතිකරණ පුහුණුකරුට ඇඟිල්ල දිගු කිරීමය.

සෑම ලෝක කුසලාන තරගාවලියක්ම අවසානයේ බොහෝ රටවල් තම පුහුණු අංශය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සිරිතක් වුවද ශ්‍රී ලංකාවේ පුහුණු අංශයේ උපදේශකයන් හා පුහුණුකරුවන් තරග නවයෙන් හතක්ම පැරදී තිබියදීත් නිරුපද්‍රිතව එහි රැඳී සිටීම විශේෂය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka