gossip lanka

සිසුන්ට පොලීතින් කැවූ විදුහල්පතිට මාරුවක්! සිදුවූ සිද්ධිය ඇමති මැතිසබයේ දී විස්තර කරයි

පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් ආහාරයට ගන්නා ලෙස බලකළ රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යැවීමට පළාත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව ප්‍රකාශ කළා.

“මහනුවර, ගම්පොළ රඹුක්පිටිය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ලන්ච් ෆීට්වලින් ඔතාගෙන රැගෙන ආ දිවා ආහාරය පාසල් පරිශ්‍රය පොලිතීන්වලින් තොරව පවත්වා ගෙන යන නිසා එම ලන්ච් ෆීට් සහ පත්තර විදුහල්පති විසින් බලහත්කාරයෙන් කැවීමට ගත් උත්සහයක් පිළිබඳ ගම්පොළ කලාපයටත් රඹුක්පිටිය මහා විද්‍යාලයෙන් වාර්තා වී ඇත. මෙම සිද්ධිය ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පසු දින වාර්තා වූ අතර එනම් 22 වැනි දින ඒ වන විට මෙම සිද්ධියට මුහුණ දුන් අවුරුදු 16ක් වයසැති රඹුක්පිටිය මහා විද්‍යාලයේ බී.ඩබ්.ජී.කවිඳු සාරංග සහ එම්‍.එම්. ශෂික චිරන්ත යන සිසුන් 2023.11.22 වැනි දින පෙරවරුව වන විටත් නාවලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වාර්තා වී ඇත. මේ සිද්ධියට මුහුණ දුන් අනෙක් සිසුන් අද දින පාසලට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කරුණු වාර්තා වී ඇති අතර 2023.11.22 දින පැමිණිලි කර ඇති අතර උක්ත කරුණ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පස්වාගේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක මගින් මූලික පරීක්ෂණයක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු පහසුවන පිණිස රඹුක්පිටිය විද්‍යාලයේ විදුහල්පතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනියුක්ත කිරීමට පළාත් බලධාරීන් විසින් කටයුතු කර ඇත."
gossip lanka