gossip lanka

සාරංග මල්ලි ගොඩක් ක්ලෝස්! ඒ නිසා ඉතින් දිනක්ෂි අවසර දෙන්න!! - කාංචනා මෙන්ඩිස් හංඟන් හිටපු 'ආදර කතාව' ඒකද?

 
ඈ 'කාංචනා මෙන්ඩිස්'... එදා දවසේ ඔබේ 'ආලින්දයේ' හොඳම 'කතාකාරිය' වූ ඈ නිරන්තරයෙන් ඔබට සමීප 'සිත් ඇත්තියක්' වුණා. (කොටින්ම ඈට වසඟ නොවුණු කෙනෙක් නොමැති තරම් වුණා....)

ඒත් හිටි හැටියේම 'ඈ' අස්ථානගත වෙනවා. ඈට ආදරේ කරපු 'උන්'ගේ හිත් 'කීතූ' වෙනවා. (ඒ සියල්ල වෙන්නෙ ඇගේ විවාහයෙන් පස්සෙ...) අනතුරුව ඈ 'විදෙස් රටක' ඉඳන් ප්‍රේක්ෂකයින්ට 'සමීප වෙන්න' ගන්නවා.

අදටත්.... 'ඈ' රංගනයේ යෙදුණු 'නිර්මාණ' ගැන 'මතක' බොහෝමයක් උන් එළි පහළියට අදිනවා. ඇගේ 'මතක තැන්' බොහෝමයක් එක්කලා 'ප්‍රේක්ෂකයින්ට' ඈ ගැන කියන්න 'දිග කතා' තියනවා.

පහුගිය දවසක (ඒ කියන්නෙ ඈ ලංකාවට ඇවිත් ගිය දවසක...) ඈ 'ඇගේ කතාව' කැළුම් වි‌ජේසූරිය එක්ක කියනවා. එතනදි 'කැළුම්' අහපු 'අමුතු ප්‍රශ්න' දෙක තුනකට 'ඈ' අපූරු උත්තර එහෙමත් දීලා තිබුණා.

ප්‍රශ්නය - හෙට උදේ කාංචනා අවදි වෙනකොට මුලු ලෝකෙම විනාශ වෙලා.. ඔබත් එක්ක ඉතුරු වෙන්නෙ එක පිරිමියෙක් විතරයි. ඔහු කවුද කියලා මේ අය අතරින් තෝරගන්න වෙනවා? ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ, අශාන් ඩයස්... මේ අය අතරින් කවුද ඔබේ සහකරුවා වෙන්නෙ?

පිළිතුර - ඒ චරිත හතරටම මම සෑහෙන කැමතියි. ඉසුරුවත් මට පොඩ්ඩක් හම්බෙලා තියනවා. සාරංග එක්ක තමයි වැඩියෙන් ම ඇක්ට් කරලා තියෙන්නෙ. අශාන්ටයි හේමාල්ටයි මම හරිම කැමතියි, හැබැයි මම ඇසුරු කරලා නෑ. දන්නෙ නෑ. ගොඩක් දන්න කෙනෙක් වෙන්න එපැයි. සාරංග මල්ලි ගොඩක් ක්ලෝස්... ඒ නිසා මම එයාව තෝරගන්නවා. (හැබැයි තෝරගන්නෙ සහෝදරකමට නෙවෙයිනේ? දිනක්ෂි ඒකට අවසර දෙන්න... කැළුම්ගෙන් බාධාවක්....)

ප්‍රශ්නය - කාංචනාගේ මුලු ජීවිතයම වචන හතරකින් කියන්න...

පිළිතුර - සරලයි, ඔිනෑම දෙයක් දරාගන්න උපරිම හැකියාවක් තියනවා. මම සංවේදී කෙනෙක්... පරිත්‍යාගශීලී කෙනෙක්... ආගමානුකූලයි.
gossip lanka