gossip lanka

එයා ප්‍රෙග්නට් වුණා... අපි දන්නෙවත් නැතුව පළමු රාත්‍රීයේදිම - රහල් අල්විස් 'කේන්ති ගිය' ඇත්ත හේතුව පැහැදිලි කරයි

ඔයාලා දන්නේ මගේ නම විතරයි මගේ කතාව දන්නේ නෑ!!' මේ 'රහල් අල්විස්' මීට පෙරදී නොකියූ කතාවක්. ඒ වුණත් රහල් මීට දින කිහිපයකට කලින් බොහෝමයක් 'උන්'ගේ 'අප්‍රියතම' චරිතය බවට පත්වෙනවා.

ඒ ඔහු විසින් 'සජීවි වැඩසටහනක්' ඇතුළේ දී කරන 'ප්‍රකාශයක්' නිසා. (ඒ ප්‍රකාශය පහතින්...)

'නොහිතපු වෙලාවක තමයි එයා ළඟට ආවේ. වයිෆ් ප්‍රෙග්නට් කිව්වමත් මට අවුල්.. මට මුලින් කේන්ති ගියා. තවත් බන්ධනයක් නේද කියලා.... මම ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්. එක ටාගට් එකකට යන කෙනෙක්. දවස් හතම මම වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වෙලාවේ දී මම හිරවුණා. පස්සෙ ඉතින් මම හිතුවා, කොල්ලෙක් වෙන්න ඇතිනේ කියලා, හිත හදාගත්තා. පස්සෙ ඩොක්ටර් කිවුවා, දුවෙක් කියලා. දැන් ආයේ අවුල් ගියා. පස්සෙ කිවුවා, කකුල් දෙක දිහා බැලුවම 'දුවෙක් වගේ' කියලා. කකුල් දෙක බලලා කියන්න බෑනේ? පස්සෙ එක්කෙනෙක් මගේ ඔලුවට දැම්මා, දුවෙක් ගෙදරට වාසනාවක්, එහෙම කියලා. අද දුවෙක් හම්බුණා. ඇත්තටම මම හිතනවා, හොඳම කෙනෙක් හම්බුණා කියලා...' (රහල් අල්විස් රූපවාහිනි වැඩසටහනක දී පළ කළ අදහස්...)

මීට පෙර දිත් අවස්ථා කිහිපයකම 'රහල් අල්විස්'ට මේ විදිහට 'සමාජ මාධ්‍ය' තුළින් විරෝධය දක්වලා තිබුණා. ඒ ඔහු විසින් සිදු කෙරූ 'ප්‍රකාශයන්' කිහිපයක් නිසාම යි.

කොහොම වුණත්, 'බිරිඳ සහ දරුවා' සම්බන්ධයෙන් රහල් කිවුව 'කතාව' බොහෝමයක් 'පිරිස්' හෙළා දැක තිබුණා. ඉන් එහා 'රහල් අල්විස්' සමාජ මාධ්‍ය තුළ 'පතුරු හරින්නත්' ඔවුන් පටන් අරන් තිබුණා.

ඒ සියල්ල මධ්‍යයේ රහල් අල්විස්, මීට 'විසි හතර පැයකට' පෙර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට 'වීඩියෝවක්' එක් කර තිබුණා.

සිය 'ජීවිත කතාව' කියමින් ඔහු විසින් පළ කළ එම වීඩියෝව ට බොහෝ දෙනෙක් 'ප්‍රශංසා' කර ඇති අයුරුත් දැක ගත හැකියි.‍

මේ තියෙන්නෙ ඔහු ඒ කියූ 'ඔහුගේ කතාව'.... (කතාවෙන් කොටසක්...)

'2019... මට විසි නවයයි. මිතුරෙක් ලෙසින් ආපු හොරෙක් නිසා මට මගේ හැමදේම නැතිවුණා. අවුවේ කර වෙවි තාත්තා මාව උස් මහත් කළේ. තාත්තා ලක්ෂ 55ක කාර් එකක් මට අරන් දුන්නා....'

'පස්සෙ කාර් එක මට නැතිවෙනවා. මාව පිච්චෙනවා. මගේ අත් දෙකට මැහුම් 14ක් වැටෙනවා. කන්නවත්, දතක් කටක් මැදගන්නවත්, පස්ස හෝදගන්නවත් බැරි තරම් මම අසරණ වෙනවා....'

'මම පොළේ කහ වික්කා. සමහරු මට හිනාවුණා. මගේ තාත්තා කියලා දුන්නෙ කිසිම කෙනෙකුට හානියක් නොකර හම්බ කරන්න, ඒක තමයි පිරිමිකම කියලා....'

'කවදාවත් කතුරක් අල්ලපු නැති මම සැලූන් එකක් ඔිපන් කරනවා. මුලින්ම කැපුවේ තාත්තාගේ කොණ්ඩෙ....අද මම තව කෙනෙක්ව ලස්සන කරනවා. මම තනියම හැමදේම පුරුදු වුණා....'

'එයාව (බිරිඳ) මට හොයලා දුන්නෙ මගේ අම්මා. එයා ප්‍රෙග්නට් වෙනවා. අපි දන්නෙවත් නැතුව අපේ දුව පළමු රාත්‍රීයේදිම මං ළඟට ඇවිත්. මොහොතකට මාව නතර වුණා. මගේ පපුව වේගයෙන් ගැහුණා. මම කොහොමද දැන්ම දරුවෙක් ගැන හිතන්නෙ.? මම කොහොමද පරිස්සමින් එයාව බලාගන්නෙ? මම පිරිමි දරුවෙක්ට ආස වුණා. සෙව්වන්දි ගැහැනු දරුවෙක්ට ආස වුණා. හදිසියේ හෙට මං මැරුණොත් මගේ දුවට අත්වෙන ඉරණම මොකද්ද? මම බයවුණා...'

'හැබැයි මම කොච්චර බිසී වුණත්, මගේ දුව වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් වෙලාව වෙන් කළා. ක්ලිනික් එක්කන් ගියා. එයාව පුළුවන් තරම් සතුටින් තිබ්බා. ඉතින් මම දින ගැන්නා එයා මගේ ළඟට එනකන්.... මම එදත් එයා ළඟින් ම හිටියා. අන්තිමේදී මගේ දුව මේ විශ්වයට ආවා. ඒ හැඟීම මට වචනයෙන් කියන්න බෑ....'

රහල්ගේ මේ 'දිග කතාවට' රහල්ගේ බිරිඳත් 'කමෙන්ටුවක්' එක් කර තිබුණා.

'උපදින හැම ආත්මෙම ඔයා මගේ සැමියා වෙලා මන් ඔයාගේ බිරිද වෙලා -අපේ දුව අපේම දූ වෙලා මේ සන්සාරේ අපි නැවත හමුවේවා !!ආදරෙයි!!'

රහල්ගෙ 'කතාව'ට ලැබුණු තවත් බොහෝමයක් 'ප්‍රතිචාර' අතරින් කිහිපයක් පහතින් බලන්න...

'ඔයාට මිනිස්සු බනින එ කතාව කිව්ව වෙලාවෙම ඔයා අදහස් කලේ මොකක්ද කියලා මට නම් තේරුනා.. කෙන්තියක් එන්නේ සුදානම් නැති නිසා බයට.. ඔයා හරියට හරි.. ජීවීතේට ප්ලැන් එකක් තියන ඔනේම කෙනෙක්ට එන සාදාරන හැගිමක්.. good luck aiya!! ඔයා ගොඩක් අයට උදව් කරනවා එක පෞද්ගලිකව අපි දන්නවා..'

'ඔය ඔක්කොම හරි ඒත් ඇයි මචන් උඹ හැමතැනම උඹේ නෝනාව පහත් කරලා කතා කරන්නේ..? නෝනා ප්‍රෙග්නට් කිව්වම තරහා යන්නේ? හම්බෙන්න ඉන්නේ දුවෙක් කිව්වම තව තරහා ගියා කියන්නේ.. ඇයි දුවලා කියන්නේ හදන්න හොද නැති ජාතියක් ද? ඕන තරම් සංවේදී කතා කියන්න පුළුවන් ඒත් තමන්ගේ වැරදි හදාගත්තේ නැත්නම් ඒක ලොකු අවුලක්. උඹේ නෝනට කොච්චර දුක ඇද්ද උඹේ හිත රිදෙන පඩි කතා වලට. උඹ ටීවී එකේ ලෝකයක් බලන් ඉද්දි වයිෆ් ට සලකන්නේ එහෙම නම් ගෙදරදී කතා කරන සලකන විදිය හිතාගන්න පුළුවන්.එය උඹට බය නිසා ඉන්නවා.'රහල්ගේ බිරිඳත් 'කමෙන්ටුවක්' එක් කර තිබුණා.
gossip lanka