ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම අතර තරඟය පූනේහිදී පැවැත්වින.
එම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 357ක් වාර්තා කළේය.
නවසීලන්තය සියලු ක්‍රීඩකයන් දැවී පන්දුවාර 35.3 ලබා ගත්තේ ලකුණු 167 ක් පමණි.
මෙම ජයග්‍රහණය සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටී.
මෙම තරගයේ ප්‍රතිඵලය අනුව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු තැනට පත්වන අතර නවසීලන්ත කණ්ඩායම 4 වන ස්ථානයට පත්ව සිටී.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ අවසන් හතර දෙනා ඇතුලට යාම සඳහා මෙම තරගයත් සමග සියුම් අවස්ථාවක් නිර්මාණය වී ඇත.
ඒ සදහා නවසිලන්තය ඔවුනගේ ඉදිරි තරග දෙක ද පරාජය විය යුතු අතර ශ්‍රී ලංකාව තමන්ට හිමි ඉතිරි තරග තුනම ජයගැනීම හෝ තරඟ දෙකක් ඉහළම දළ ලකුණු වේගයක් ලබා ගෙන සමගින් ජයග්‍රහණය කළ යුතුව ඇත.
එමෙන්ම පාකිස්තානය ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ඉදිරි තරග සියල්ල පරාජයට පත්විය යුතුව ද තිබේ.