gossip lanka

සෝමරත්න දිසානායකගේ සැබෑ මුහුණ එළියට… මැර බලයෙන් දේශපාලන හයියෙන් නීතිය අතට අරන් – කොළඹ වටිනා රැම්සා තෙත් බිමක් ගොඩකරන්න පටන් අරන්… ( වීඩියෝ සහිතයි)

ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක්, කලාකරුවෙක් මෙන්ම කලාවෙන් ලද සිවිල් ප්‍රසාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගත් තැනැත්තෙක් වූ සෝමරත්න දිසානාය විසින් නීතිය සිය අතට ගෙන ප්‍රදේශයේ  මැරයෙක් මෙහෙයවමින් ප්‍රදේශවාසීන්ගේ විරෝදය සහ රටේ නීතිය පසෙකලා සිය අභිමතය පරිදි    සිදුකරන්නට යන විනාශකාරී බලහත්කාරකමක් සම්බන්ධව පින්නිපිටියට පැමිණිල්ලක් ලැබී තිබේ.   

මේ තැනැත්තාට ඇති සිවිල් බලය මෙන්ම දේශපාලන බලපුලුවන්කාරකම ද යොදා ගනිමින් පොලිසිය ද යටපත් කර ප්‍රදේශයේ ප්‍රකට මැරයෙක් මෙහෙයවමින් සිදුකරන අපරාධයක්  සම්බන්ධව වීඩියෝ සාක්ෂි මේ වනවිට නිකුත් වී  ඇත.

ගැටලුව පැන නගින්නේ බස්නාහිර පලාතේ අතිශය වටිනා රැම්සා තෙත් බිමක් ලෙස හඳුනාගෙන ඇති,   රැම්සා ජාත්‍යාන්තර සමුළුවේ දී ආරක්ෂා කරගත යුතු භූමියක් ලෙස ලේඛනගත කර තිබෙන,  දැනට ඒ ශ්‍රේණියේ කුඹුරු බිමක් පවත්වාගෙන යන  රුක්මල්ගම, කොට්ටාව, පන්නිපිටිය, බෝගහවත්ත, ලියනගොඩ, ප්‍රගතිපුර ප්‍රදේශවල ජලය දියවන්නා ඔය වෙත ගලා බසිනා එකම පහත් තෙත් බිම් කලාපය  ගොඩ වගාව මුවාවෛන් ගොඩකිරිමට උත්සාහ කරන සෝමරත්න දිසානායක  ප්‍රමුඛ කණ්ඩායමකට ප්‍රදේශවාසීන් එහෙර වීමත් සමගය.

ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වර්ෂ 2016 සිට මෙම ගම්වාසීන් එතෙක් පැවති සියලුම දෙශපාලන අධිකාරියන් වෙත ලිඛිතව දන්වමින් මෙම වටිනා තෙත් බිම බේරා දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.

එහෙත් ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වන්නේ සෝමරත්න දිසානායක නීතියේ ඇසට වැලි ගසමින්, බොරු ප්‍රකාශ කරමින්, සිය දේශපාලන බලය සහ හැඳුනුම්කම් උපයෝගී කරගනිමින් වාණිජ වටිනාකමකින් ඉහළ මෙම භූමිය ගොඩකිරීමට අඛණ්ඩව කටයුතු කරන බවය.


සෝමරත්න දිසානායක මුල්වී ගෙන යන මෙම ක්‍රියාවලිය සම්බන්ධව මුලින්ම සාකච්ඡාවට බඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින් කොළඹ සංවර්ධන සභාවේ දී නැගූ ප්‍රශ්නයක් මුල් කරගෙනය.

මේ කාලය අතර  කොළඹ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා විසින් මෙම ගොඩකිරීම් සම්බන්ධ විශේෂ  පරීක්ෂණයෙන් අඩක් නිම කර ඇතිමුත් ඊට අඛණ්ඩව බලපෑම් එල්ලවෙමින් ඇති බව වාර්තා වේ.


අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමේ දී  ද මේ පිළිබඳ නීතිමය වශයෙන් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවත් හෙළි වී තිබේ.

මේ පුද්ගලයා විසින් සිදුකරන  අකටයුත්ත පිළිබඳව ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසීන් හාරසියයකට අධික ප්‍රමාණයක අත්සන් සහිත මහජන පෙත්සමක් ද  රාජ්‍ය නායකයින් වෙත යොමු කර ඇත.

වීඩියෝ දර්ශනයට අදාල සිදුවීම වන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් කුඹුරු ඉඩම් වෙත කෘෂිකාර්මික උපකරණ සහ අනෙකුත්  සේවා පහසුකම් සඳහා අඩි 15ක කෙත් මගක් වෙන් කර තිබිය දී කුඹුරු බිමට ප්‍රවේශ වීම සඳහා  වෙනත් ට්‍රැක්ටර් පැන්නුමක් අනවශ්‍ය බවට තීන්දු කර තිබිය දී සිය බලය යොදවා සෝමරත්න දිසානායක විසින්  ප්‍රදේශවාසීන්ගේ පොදු ඉඩමක් මතින් ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීමට උත්සාහ කිරිමේදී  ඇති වූ විරෝධතාවය ය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මෙන්ම ඇතැම්  කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරින්ද  සම්බන්ධ කරගෙන මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් මෙම වටිනා තෙත් බිම් කලාපය ගොඩ කිරීමට දරන අනීතික උත්සාහය සම්බන්ධ ප්‍රදේශවාසීන් කෘෂිකර්ම ඇමතිවරයා ද දැනුම්වත් කර ඇත.

ලංකාසර
gossip lanka