gossip lanka

"ඉන්නකම් රිද්දපු මිනිස්සු, පණ පොදක් නැති මළ කඳක් ළඟ විලාප දෙනවා..." මියගිය දසුන්ගේ රිද්දන මතක ගැන මිතුරෙක් එක්කළ සටහනක් මෙන්න

ඔහු අප සියල්ල හැරදා ගිහින් අද වෙනකොට වසර 6කටත් ළඟයි...

ඒත් ඒ මතකය එදා වගේම අදත් අපේ හිත පාරවන මතකයක් බවට පත් වෙලා...

දසුන් නිශාන් නම් මේ සුන්දර කලාකරුවා අපෙන් සමු අරන් මේ තරම් කාලයක් වුණත් දසුන්ව මතක් වෙන හැම වාරයක් ගානෙම ඔහුගේ යාලුවන් ඒ මතකයෙන් සුසුම්ලනවා....

මේ සිතිජ කියන්නෙත් අන්න ඒ වගේ කතාවක්... දසුන්ගේ මතකය කොයි තරම දුරට ඇදුනත් ඔහුට මෙහෙම වෙන්න හේතු වුණ දේවල් එදා වගේම අදටත් නොවෙනස්ව තියනවා නේ...

ඉතින් හද පාරන මේ මතක ගැන මීට ටික දවසකට කළින් එක්කළ සටහන මෙන්න...

"ඉන්නකම් රිද්දපු මිනිස්සු,
මලගෙදරදි ඇඬුවා මහා හයියෙන් මිනිය බදාගෙනම ,
හැබැයි දැනුනේවත් නෑ දසුන් අයියාට
පපු රිදෙද්දි, හදවතක් අසරන වෙලා විලාප දෙද්දී,
ඒ අසරණ කම එක්ක ජීවත් වෙනකොට,
පිච්චිලා අළු වෙලා යන්නේ
ජීවත් වෙන ජීවිත මිසක්
පණ පොදක් නැති මළ කඳන් නෙවෙයි,
ඉන්නකම් නොතේරෙන ,
සදහටම යන්න ගියාම මිනිස්සුන්ට දැනෙන ,
ඒ ආදරේ කරුණාව,
යන්න කලින්ම දැනුනා නම්
මිනිස්සු සතුටෙන් ඉඳියි
පන ටික යද්දීත් ,තව ජීවත් වෙන්න කාලේ ඉල්ලමින්........

-- සිතිජ ජයසේකර --"
gossip lanka