gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සල්ලි ප්‍රශ්න නිසා ඉගෙන ගන්නා වයසේ පිරිමි ළමයින් රස්සාවලට - පාසල් ගමනට කණකොකා හඬලයි

ආර්ථික අර්බුද හේතුවෙන් වයස අවුරුදු 12ත්, 13ත් අතර වයස් කාණ්ඩවල පිරිමි දරුවන් රැසක් පාසල් ගමන නතර කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ඔවුන් මෙම අනාවරණය සිදු කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

ඊට එක් වූ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකු බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ නිවෙස්වල පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පිරිමි දරුවන් මෙලෙස පාසල් නොගොස් රැකියා සඳහා යොමු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

විශේෂයෙන් කොළඹ නගරයේ හා ඊට තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති කුඩා පාසල්වල සහ දුෂ්කර පළාත්වල බොහෝ පාසල්වල මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ඇය කියා සිටියා.

මෙලෙස පාසල් හැර ගිය ළමයින් නැවත පාසල්වලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකිනම් එය ඉතා වැදගත් බවත්, එසේ කිරීමට නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමට හැකිනම් එය වඩාත් සුදුසු බවත් විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළා.

මෙම තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දීමක් සිදුකර ඇති බවත්, එම දරුවන්ට වියදම් කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකු බාලසූරිය මහත්මිය මෙහිදී කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka