කුමාරි අක්කා'ට සිංදු කියන්න බැරි බව හැමෝම දැනන් හිටියා. ඒත් 'කුමාරි අක්කා'ව මේ 'ආතල්ලන්තයේ' මිනිස්සුන්ට 'මොහොතක සුව පිණිස' බොහෝම අපූරු 'ඖෂධයක්' කියලා උන් දැනන් හිටියා. (ඉතින් උන් කුමාරි අක්කව පාවිච්චි කළා.....)
'යූටියුබ්' එකේ, 'ෆේස්බුක්' එකේ ඉන්ටවීව් 'ඉවරයක්' නැති වුණාම 'චන්දිමාල්'ලා පවා 'හැඩ වැඩ' දාලා, අන්ඳලා කරලා ගත්තම 'කුමාරි අක්කා'ගේ රැස් විහිදෙන්න ගන්නවා. (රානු මොන්ඩාල් රැස් විහිදුවා හා සමානවම....)
'කුමාරි අක්කා'ට වුණත් තේරුන් නෑ, 'දූපත්වාසීයෝ' ටිකක් එයාව ආතල් එකට අරන් කියලා. 'උන්' සුපුරුදු පරිදි 'කුමාරි අක්කා' ව දූපෙතන් පළවා හරිනවා. ඒ වෙනුවට 'වෙනත් උන්' ගෙන්න ගන්නවා.
'මේ හදිසියේ ඇයි කුමාරි අක්කව මතක් වෙලා?' ඔබ එහෙමනම් අහන්නෙ ඒකට 'උත්තරයක්' තියනවා.
ළඟදි දවසක 'ටික්ටොක්' එකේ 'හීන්දෑරි කොල්ලෙක්' 'විප්ලවයක්' කරන්න ගන්නවා. ඒ නැට්ටුක්කාරයෙක්. ඉතාම ඉක්මණින් 'දූපත්වාසීන්'ට නැතුවම බැරි වෙන 'සතිඅන්ත විනෝදකාමීයා' වෙන්නෙ ඔහු. 'රුකා' කියන නමින් 'සමාජ මාධ්‍ය' අවකාශය අත්පත් කරගන්න මේ 'හීන්දැරී තරුව', අනවශ්‍ය විදිහට තමන්ගේ 'ප්‍රචාරන' සඳහා භාවිතා කරන්නත් බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වෙනදටත් නැති උනන්දුවකින් කටයුතු කරමින් ඉන්නවා.
පසුගිය දවසක 'අශේන් සේනාරත්න'ත් 'රුකා'ව තමන්ගේ 'ප්‍රචාරණ වැඩක්' වෙනුවෙන් අරන් ඇවිත් තිබුණා.
'ප්‍රචාරණය' අතිසාර්ථක වුණත් අනෙක් අතට, 'අශේන් සේනාරත්න'ට බුකීවාසීන්ගේ නොනවත්වා විරෝධය එල්ල වන්නට වුණා.
ඒ අතරතුර, තමන්ට 'මරණ තර්ජන තියෙන බැව්' කියමින් අදාළ තරුණයා 'කෝනාර' යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකුත් කරලා තිබුණා.
'මට වයස අවුරුදු 16යි... මුලින්ම ඩාන්ස් කළේ නෑ. ඩාන්ස් කරපු ෆොටෝ එකක් තමයි වයිරල් ගියේ. ඩාන්ස් එක වුණත් හොයාගත්ත එකක් නෙවෙයි... ඇඟෙන්ම ආපු එකක්...'
'ලංකාවේ භාගයක්ම බනිනවා ඉතින්. අනික ඉතින් මගේ වයස පොඩියිනේ. ඒක තමයි ලොකුම හේතුව.... ඉරිසියාවකුත් ඇති..'
කොහොම වුණත්, 'බොලක ඩාන්ස් නිර්මාතෘ' විදිහට බුකියේ අතිශය කතාබහට ලක්වෙන මේ 'හීන්දැරි කොල්ලා' ගැන අපිට අහම්බෙන් වගේ හමුවුණු ෆේස්බුක් සටහන් කිහිපයක් තමයි මේ...
'තමන්ගෙ ජනප්‍රිය වීමේ හීනේ වෙනුවෙන් පිරිමියෙක් ඉස්සරහ කකුල් දෙක ඈත් කරන්න තරම් රටේ තරුනියෝ අසරන වෙලා වගේම තමන්ගෙ ජනප්‍රිය වීමේ හීනය වෙනුවෙන් ඕනෙ තක්කඩියෙකුගෙ මාකටිං හීන සැබෑ කරලා දෙන්න හෙලුවෙන් පාරක නටන්න උනත් ලෑස්ති තරමට රටේ නව යොවුන් තරුනයො අසරනයි..ඒ වගේම රටේ අහිංසකයන්ගෙ හීන සැබෑ කරලා දෙන්නම් කියලා උන්ව තමන්ගෙ බිස්නස් වල මාකටිං වලට ගනිකා වුර්තියෙ යොදවන්න තරම් පහත් තක්කඩි තරුන එවුන් ඉන්නව කියලා මතක් වෙද්දි පිලිකුල්.. මෙහෙම රටේ කොල්ලන්ව යූස් කරනවට වඩා හොඳයි *ක වහලා උඹ අම්මට හුලං විස්කෝතු කඩයක් දාලා දුන්නානං..' (ධනුෂ්ක කාංචන ජයවීරගේ ෆේස්බුක් සටහනක්...)
'මෙහෙමයි, උව බලෙන් ඇදන් ඇවිල්ලා තුවක්කුවක් ඔලුවට තියලා උබ නටපං කිව්වෙ නෑනෙ, උට මොකක් හරි offer එකක් දුන්නා ඒකට ඌ කැමති වෙලා perform කරා...සරළව Dancing team එකකට සල්ලි දීලා ගෙන්නුවා හා සමාන ගනුදෙනුවක් ඉතින්...තමන්ගෙ බිස්නස් වෙනුවෙන් වටපිටේ වෙන දේවල් වාසියට පාවිච්චි කරන්න මොලයක්තිබ්බා කියලා අරූට බැනලා වැඩකුත් නෑ... අනික අමුක ඩුමක කොහොමත් බුකිය දිගේ නට නට හිටපු එකානෙ, උගෙ character එක, standard එක ඉතින් උගේ වගකීම' (හසරැල් ප්‍රනාන්දුගේ ෆේස්බුක් සටහනක්...)
මේ 'කොලුවාගේ ආගමනය' තවත් එකෝමත් එක 'අතිදක්ෂයෙකු' ආගමනය විදිහට 'හඳුන්වා දෙනවා' වුණත්... අනෙක් අතට මේ 'කොලුවා'ටත් නොතේරෙන 'මොකද්දෝ දෙයක්' ඒ කොලුවා වටා සිද්ධ වෙමින් පවතින බව නම් හැබෑවක්.