gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාසාහි සිරවී සිටි ලාංකිකයින්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර!

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇති බව වාර්තා වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා අද (02) උදෑසන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දුන් බවය.

ඒ අනුව අද දින දහවල් 12 පමණ වනවිට මෙම පිරිසෙන් 15 දෙනෙක් පමණ ඊජිප්තුවට ළඟා වීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා ‌මෙසේද පැවසීය.

“ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න ඊජිප්තු තානාපති කාර්යාලය වගේම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිතයි. ඒ හැරුණු විට ඊශ්‍රායලයේ මේ වනවිට විශේෂ තත්ත්වයක් නෑ ශ්‍රී ලාංකිකයින් ගැන.”

මේ අතර අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද පැවසු ගාමිණි සෙනරත් යාපා මහතා, ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද පැවසීය.

(අද දෙරණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka