gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම මගේ රසික ජනතාවගෙන් වැඳලා ඉල්ලනවා... ඒක ප්‍රෝඩාවක්..." - රන්ජන් හදිසියේම ලයිව් ආපු හේතුව මෙන්න

රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.

රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.

ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.

රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.

රන්ජන්ට සිදු වූ අකරතැබ්බක් ගැන රන්ජන් සිය මුහුණුපොතට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

‘මම මේ ලයිව් එක කරන්න හිතුවෙ විශේෂ පණිවිඩයක් කියන්න. මගේ රසික ජනතාවට. මම මේ ඩුබායි ඉඳන් අබුඩාබි යන ගමන්. මේ කාලයේ මගේ නම විකුණමින් මම පාර්ලිමන්ට් ඉද්දි මුදල් බෙදුව ඒ වීඩියෝ එක අරගෙන වැරදි ස්පෙලින්ග් තියෙන, මම මෝටර් බයික් එක්ක ඉන්න පිංතූරයක් දාලා ලොකු වංචාවක් කරනවා. ඒ හින්දා මම මගේ රසික ජනතාවගෙන් බොහොම ආදරෙන් වැඳලා ඉල්ලනවා ඒක ප්‍රෝඩාවක්. ඒකට අහුවෙන්න එපා. කවුරුත් තමන්ගෙ ක්‍රෙඩිට් කාඩ් පින් නම්බර් ඉල්ලුවාට දෙන්න එපා. මම කවදාවත් කාගෙවත් පින් නම්බර් ඉල්ලන්නෙ නෑ.

ඉතින් මම ජනතාවට පුළුවන් තරම් ලැප්ටොප් බෙදනවා, සේවය කරනවා. නමුත් එහෙම ඉල්ලන්නෙ නෑ. ආදරෙන් වැඳලා සියලු දෙනාට කියන්නෙ, මේක දැන් නීතිය පැත්තෙන් ඉහළටම ගිහිල්ලා තියෙනවා. මේ හොරු මේක දිගටම කරගෙන යනවා. මම හිතන්නෙ පිටරට ඉඳලා මේක කරන්නෙ. මම ඔබට නැවතත් කියන්නෙ රන්ජන් රාමනායක වන මම හොරෙක්, වංචාකාරයෙක් ,දූෂිතයෙක් නෙවෙයි. මට කවදාවත් ඔයගොල්ලන්ගෙ සල්ලි එපා. කවුරු හරි ලොකු ලොකු තෑගි දෙනවා කිව්වොත් අහුවෙන්න එපා. මේක වංචාවක්.

මගේ ඔරිජිනල් පේජ් එක මේක විතරයි. යමක් කියන්න තියෙනවා නම් මම එන්නෙ මේ පිටුවෙන් විතරයි. එක දිගට මේ ගැන අහලා කතා කරනවා මගේ ලේකම්ට. සමහර අයගෙ ලක්ෂෙ දෙක තුන කැපිලා. අහුවෙන්න එපා ඒක බොරු අකවුන්ට් එකක්.දෙයියන්ගෙ නාමෙට අම්මා තාත්තටවත් පින් නම්බර් එක දෙන්න එපා. කවුරු කිව්වත් දෙන්න එපා. මේ වංචාවට අහුවෙන්න එපා….”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka