gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මේ දායක සභාවේ භාණ්ඩාගාරික මහත්තයා මුස්ලිම් !! ලේකම් මහත්තයා ක්‍රිස්තියානි” – මේ කතාව කියෙව්වොත් ඔබත් පුදුම වෙයි

ආගමික සහ ජාතික සහජීවනය ගැන නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවා.

හැමවිටම ශ්‍රී ලාංකිකත්වය අගයන සමාජයක් වෙනුවෙන් කැපවෙන හැම මිනිසෙකුම අගය කිරීම වෙනුවෙන් මේ ෆේස්බුක් සටහන ඔබ වෙත ගෙන එන්න අප සිතුවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර් ප්‍රදේශයේ දී තමයි අපේ හාමුදුරුවෝ මුණ ගැහුනේ !

වව්නියා, යාපනය ඊට පස්සේ අපි මඩකලපුවට ආවම විවේක ගන්න ඉඩ හදලා දුන්නේ මේ පන්සලේ ! පුලිනතලාරාම විහාරය….!!

මේ ප්‍රදේශයේ ගත්තම මුස්ලිම් සහ දමිළ ජාතිකත්වයන් නියෝජනය කරන පවුල් තමයි ඉන්නේ ….!!

එතකොට අපේ හාමුදුරුවන්ට දානේ …??

ඔන්න මුලින්ම ආපු ප්‍රශ්නේ ….!!

” මහත්තයෝ මේ පන්සලෙත් ඉන්නවා දායක සභාවක් !

මේ දායක සභාවේ භාන්ඩාගාරික මහත්තයා මුස්ලිම් !! ලේකම් මහත්තයා ක්‍රිස්තියානි !! දායක සභාවේ ඉන්නවා දමිල මුස්ලිම් බොහෝම දෙනෙක් ….!!! මම හිතන්නෙ මහත්තයගේ ප්‍රශ්නයට උත්තරය ලැබෙන්න ඇති ….!!!

ආ මේ ඉන්නේ ඇන්තනී !! එයාට අපි කියන්නේ චූටි අයියා …. පන්සලත් බලා ගෙන මාත් එක්ක ඉන්නේ මෙයා තමයි ..! එයා ක්‍රිස්තියානි …!!!

එතකොට අපේ හාමුදුරුවෝ දානෙකට, බණකට, පිරිතකට වඩින්නේ කොහොමද ???

මේකයි මහත්තයෝ, හැම තැනකම පිරිත් කියන්න ඕනමයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑනේ !!!

හැම තැනකින්ම පන්සලටම දානේ ගේන්න ඕන කියලත් නෑ … හැම හවසකම මම පොඩි වටයක් යනවා …!

පන්සලට ලැබෙන දෙයින් වැඩිපුර යමක් තියෙනව නම් මම ඒවත් අරන් තමයි යන්නෙ …!!

ඉතින් ඒවත් බෙදා හදාගෙන තියෙන ප්‍රශ්නයක් දෙකක් කතා කරලා එද්දී බණකට, දානෙකට, පිරිතකට වැඩියා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ….!!

මේ අලුත්වල ධම්මරතන හාමුදුරුවෝ …!! මුස්ලිම්, දමිල, සිංහල අපි හැමෝගෙම අපේ හාමුදුරුවෝ ….
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka