gossip lanka

රාජාංගනයේ හිමියන්ගේ පන්සලට ගිය 'සුදා' යකා නටයි... මෙන්න වීඩියෝව...

නොසරුප්' වදන් වැපිරූ 'වරදට' සිරගත වූ 'රාජාංගනයේ හිමියන්' ගැන පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වුණා වුණත්, බොහෝම ඉක්මණින් 'උන්වහන්සේ' මේ අඩවියෙන් අස්ථානගත වෙනවා.

ඉන් අනතුරුව, 'යූටියුබ්' වීඩියෝ කිහිපයකින් ඇවිත් ගිය 'උන්වහන්සේ' වෙනදාටත් වඩා 'නිවුණු, සන්සුන්' ස්වරූපයකින් යුක්ත වුණා.

වරක් 'උන්වහන්සේ' යූටියුබ් වීඩියෝවක් හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් තමන් වහන්සේ වෙත 'එල්ල වන' මුදල් වංචා පිළිබඳ චෝදනා ගැනද 'පශ්චාත් තාප' වී තිබුණා. එසේම උන්වහන්සේ 'සුදත්ත තිලකසිරි' රංගන ශිල්පීයාට ද ඒ හරහා දෝශාරෝපණය කර තිබුණා. (උන්වහන්සේගේ විහාරාස්ථානය තැනීම වෙනුවෙන් මූලික වී කටයුතු කර ඇත්තෙ ද ඔහු යි.)

අනතුරුව තමන් 'සිවුරු හැර යන' බවක් ද, 'වනගත' වෙමින් භාවනායෝගීව 'වැඩ වාසය' කරන බවක් ද උන්වහන්සේ කියා තිබුණා. (නමුත් ඒ කිසිවක් සිදු වූයේ නැහැ....)

සිරගත ව සිටි සමයෙන් පසු 'සමය' තුළ වැඩිපුර දකින්න පේන්න නොහිටපු උන්වහන්සේ ව හොයාගෙන 'සුදත්ත තිලකසිරි' පසුගිය දිනෙක එම විහාරස්ථානයට වෙත ගොස් තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝ සංවාද ද 'සුදත්ත' විසින් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.

'කවුද අර මාධ්‍යවේදියෙක්ගේ ෆොටෝ එක්ක දාලා තියෙන්නෙ..? එයාද පන්සල හැදුවේ. ඒ බව දන්නව නම් මම එන්නෙත් නෑ. කොහෙවත් නැති උන්ව බෝඩ්වල දාලා. ඇයි එහෙම කළේ හාමුදුරුවනේ... කොහෙවත් ඉන්න හාල්පාරුවෙක්ගේ ෆොටෝ එකක් දාලා තියෙන්නෙ? මට රිදෙනවා ඔිවට. ඒක දැක්කම මළපැන්නා....'

ඒ අවස්ථාවේ 'රාජාංගනයේ හිමියන්' ද 'සමාව ඇයදීමක්' සිදු කළා.

'අම්මා ගැන කියලා මම ඔබතුමාට බැනලා නෑ‍... මම කිසිම දෙයක් වෙනස් කළේ නෑ. දෝශාරෝපණයක් එනවා නම් ඒක වෙන්න ඔිනි මට. වේදනාවට කියවෙන්න ඇති... මගෙ හිතුවක්කාර වැඩ නිසා තමයි මේ දේවල් වුණේ. මගේ නාහෙට නාහන ගතිය.... මම හෙට අනිද්දා මැරිලා යයි... මගේ අතින් කාට හරි වරදක් වුණා නම් සමාවෙන්න. මම රහත් වෙලා නෑ. මම පෘථග්ජන මනුස්සයෙක්. මමත් සිවුර දරාගෙන කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. මට දැන් ගොඩක් මහන්සියි... හැමෝම මගේ දුරස් වුණා....'

'මම හිරගෙදරට කී පාරක් ආවද? හාමුදුරුවන්ට සල්ලි වැඩිවුණා. පිළිවෙලක් නැතිවුණා.... ඔහේ හදන්න ගත්තා..... කුනුහරප කියන්න එපා කියලා මම කිවුවනේ හාමුදුරුවනේ... මම වඳින්න හිතන් ආවේ නෑ, ඒත් වැඳලා යනවා..... හාමුදුරුවෝ හැදෙයි කියලා හිතලා.....' (සුදත්ත තිලකසිරි...)
gossip lanka